‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහනට බස් රථ රියැදුරන්ගේ විරෝධය ! ලබන 07 වැනිදා සිට වර්ජනයක් Featured

Published in පුවත්
Monday, 06 January 2025 09:50

‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහනට සමගාමීව පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති මගී බස් රථ පරික්ෂාව හරහා තමන්ට සිය රැකියාව සිදු කර ගැනීමට විශාල බාධාවක් වී ඇති බව පවසා ලබන 07 වැනිදා සිට බස් ධාවනයෙන් ඉවත් වීමට බස් රථ රියැදුරන් තීරණය කර ඇත.

බස් රථ ධාවකයන් පවසන්නේ මේ සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් එම තීරණය ක්‍රියාත්මක කරන බවය.
පොලිස් නිලධාරින් විසින් බස් රථ නවතා ඊට ගොඩ වී විවිධ වැරදි කළ බව පවසමින් රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට හිරිහැර කරන බව ඔවුහු පවසති.

ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන්නේ මෙවැනි ක්‍රියාවන් බලාපොරොත්තුවෙන් නොවන බවත් මීට වඩා දේවල් රටේ සිදු කිරීමට ඇති බවත් බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරු සඳහන් කරති.

එම නිසා ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ යන වැඩසටහනට හරි හැටි හඳුනාගෙන එය නිවැරදිව ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු පොලිසියෙන් ඉල්ලීමක් කරති.

මේ අතර ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ මෝටර් රථ ආඥා පනත අනුව සියල්ල සිදු විය යුතු අතර ඊට පරිභාහිරව පොලිසියට හෝ කිසිවකුට ක්‍රියා කිරීමට නොහැකි බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us