යළි පාස්පෝට් අර්බුදයක් ?

Published in පුවත්
Monday, 06 January 2025 10:09

ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත්‌ කරමින්‌ සිටින විදේශ ගමන්‌ බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන්‌ බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක්‌ තවමත්‌ රජය ලබා දී නොමැති බැවින්‌ විදේශ ගමන්‌ බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත්‌ ශ්‍රී ලාංකිකයන්‌ රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක්‌ එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්‌, විදේශ ගමන්‌ බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්පත්‌ රාශියක්‌ ඉදිරි සති කීපයේ දී ගලා ඒමට නියමිත බවත්‌ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීම සඳහා විදේශ ගමන්‌ බලපත්‍ර අංකය සැපයීම අනිවාර්ය කරුණක්‌ බවත්‌ තොරතුරු දත්‌ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

රට රැකියාවලට යෑමට බලාපොරොත්තු වන්නන්‌ හේතුවෙන්‌ ඉදිරි සති කීපයේදී විදේශ ගමන්‌ බලපත්‍ර අයැදුම්පත්‌ 30,000 ක්‌ පමණ ආගමන භා විගමන දෙපාර්තමේන්තුවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

එසේම විදේශ රැකියා නියෝජිතයන්‌ ද රට රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට කරදරයකින්‌ තොරව විදේශ ගමන්‌ බලපත්‍ර ලැබෙන බව සහතික කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත්වන ලෙස ඉල්ලා ඇති බව ද පැවැසෙයි.

දිගින්‌ දිගටම රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන්‌ විදේශ ගමන්‌ බලපත්‍ර ලබා ගැනීමට ලැබෙන ඉල්ලීම්‌ සපුරාලීමට අපොහොසත්‌ වුවහොත්‌ මෙරටට ලැබෙන විදේශ රැකියා අවස්ථා අනෙක්‌ රටවල ශ්‍රම වෙළඳපොළ වෙත යොමුවීමේ අවදානමක්‌ තිබෙන බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අදාළ නිලධාරීන්‌ සමග මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා සාකච්ඡාවක්‌ පවත්වා ඇතත්‌ එහිදී මෙම ගැටලුවට නිශ්චිත විසඳුමක්‌ ලැබී නොමැති බව ද පැවැසෙයි.

මේ සම්බන්ධයෙන්‌ විමසීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බාර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ දැරුවත්‌ ඔහුගෙන්‌ කිසිම ප්‍රතිචාරයක්‌ නොලැබිණි. කෙසේ වෙතත්‌, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා තහවුරු කර සිටියේ පසුගියදා පැවැති රැස්වීමේදී විදේශ ගමන්‌ බලපත්‍ර පිළිබඳ ගැටලුව
මතුකළ බවයි.

ලංකාදීප
--

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us