රටින් ගෙනා සහල්ටොන් 50ක ගුල්ලෝ -තව ටොන් 25ක් කල් පැනලා

Published in පුවත්
Monday, 16 December 2024 08:58

මෙරට සහල් අර්බුදය විසඳීම සඳහා බව පවසමින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද මිනිස් පාරිභෝජනයට නුසුදුසු කල් ඉකුත්වූ සහල් මෙට්‍රික් ටොන් 75 ක සහල් තොගය වහාම ප්‍රතිඅපනයනය කරන ලෙස රේගුව ආනයනකරුට දැනුම්දී ඇත.

මෙරට වෙළෙඳපොළේ සහල් හිඟයක් උද්ගතවීමත්, ප්‍රමාණවත් පරිදි සහල් තොග වෙළෙඳ පොළට නිකුත් කිරීමට මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කටයුතු නොකිරීමත් නිසා කඩිනමින් සහල් ආනයනය කිරීම සඳහා සහල් සඳහා පැවැති ආනයන සීමා ඉවත් කිරීමට රජය ඉකුත් 04 වැනිදා කටයුතු කළේය.

ඒ අනුව, ඕනෑම ආනයනකරුවෙකුට මෙමස 20 වැනිදා දක්වා සහල් ආනයනය කිරීමට රජය අවසරය ලබාදී තිබේ. ඒ අනුව, මෙරටට ආනයනය කරන ලද මිනිස් පාරිභෝජනයට නුසුදුසු, ගුල්ලන් සහිත මෙට්‍රික් ටොන් 50 ක සහල් තොගයක් සහිත බහලුම් දෙකක් සහ කල් ඉකුත් වූ දිනය වෙනුවට ව්‍යාජ දින යොදා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙට්‍රික් ටොන් 25 ක සහල් තොගයක් සහිත බහලුමක් වහාම ප්‍රතිඅපනයනය කිරීමට රේගුව නියෝග කර තිබේ.

ආනයනික සහල් තොග රේගුව, ආහාර පරීක්ෂක සහ ජාතික ශාක නිරෝධායන සේවයෙන් පරීක්ෂාවට ලක් කරන්නේය. මෙම සහල් තොග මනුෂ්‍ය පරිභෝජනයට සුදුසුද යන්න අවසන් නිගමනය කිරීමේ බලතල ඇත්තේ ආහාර පරීක්ෂකවරයාට සහ ජාතික ශාක නිරෝධායන සේවයේ නිලධාරියාටය.

ඒ අනුව එම නිලධාරීන් විසින් කරන ලද පරීක්ෂාවේදී අනාව රණයවී ඇත්තේ බහලුම් දෙකක සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවය. එම බහලුම් දෙක වහාම ප්‍රතිඅපනයනය කරන ලෙස රේගුවෙන් අදාළ අපනයනකරුට දැනුම්දී තිබෙන අතර, එලෙස නොකළහොත් අදාළ සහල් තොගය රාජ සන්තක කිරීමෙන් පසු විනාශ කිරීමට කටයුතු කරන බව රේගුව පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

සංවාදයේ අඩුව: නූතන බැදීම්වල හිස් තැන්

සංවාදයේ අඩුව: නූතන බැදීම්වල හිස් තැන්

නූතන යුගයේ මානව සම්බන්ධතා තුළ ඇති වී ඇති විශාලතම අඩුපාඩුව නම් සංවාදයේ අඩුවයි. මිනිසුන් එකිනෙකා සමඟ ස...

Connet With Us