බදු නොගෙව්වොත් දඩ සහන නෑ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

Published in පුවත්
Monday, 16 December 2024 09:12

බදු මුදල් මෙමස 26 වැනිදා වනවිටදී ගෙවීමට අපොහොසත් වුවහොත් කිසිදු දඩ සහනයක් ලබා නොදෙන බවත්, මේ වනතෙක් නොගෙවූ ස්ව තක්සේරු බදු සහ හිඟ බදු අය කරගැනීමට අදාළව නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද‍ මෙමස 20 වන දින හෝ ඊට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටී.

2023/2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු වාර්තා මත ගෙවිය යුතු බද්ද තවදුරටත් ගෙවීමට අතපසු වී ඇත්නම් එය මේ මස 26 වන දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව කියයි.

ඕනෑම බදු වර්ගයකට අදාළව ගෙවිය යුතු ස්ව-තක්සේරු මත බදු, හිඟ බදු හෝ එකඟ වූ අතිරේක තක්සේරු මත බදු මුදල් මෙමස 26 වැනිදාට පෙර ගෙවීමට අපොහොසත් වන්නේ නම් ඒ සඳහා කිසිදු දඩ සහනයක් ලබා නොදෙන බවත්, නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කරගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ කටයුතු හා දේශීය ආදායම් අණ පනත් අනුව නීති කටයුතු කිරීම ආරම්භ කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේදී (2024) ඉපැයීමට අපේක්ෂා කරන ලද ආදායම රුපියල් බිලියන 2024 කි.

පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන විටදී දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 1,893.4 ක බදු ආදායමක් ඉපැයීමට අපේක්ෂා කළද, බදු ගෙවන්නන්ගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ රුපියල් බිලියන 1,799.5 ක බදු ආදායමකි.

මේ වසරේ නොවැම්බර් මාසයේදී දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 290 ක බදු අාදායමක් අපේක්ෂා කළද මාසය අවසන් දිනය වූ ඉකුත් 30 වැනිදා වන විටදී ලැබී තිබුණේ රුපියල් බිලියන 220 ක බදු ආදායමකි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us