ජනපති අනුර පිළිගන්න ඉන්දීය ජනපති නිල නිවස සුදානමින්

Published in පුවත්
Monday, 16 December 2024 08:49

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (16) ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වීමට නියමිතය.

අද පෙරවරු 10ට ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ වනු ඇත.

ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ඊයේ (15) පස්වරු 5.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස රැගත් ගුවන් යානය ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වුණි.

එහිදී එරට තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන්, ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතාරාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා වී ඇති බව සඳහන්ය.

එසේම ඉන්දියානු සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, මෙරට කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර පැවති හමුවේ දී මෙරට ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුවී ඇති බව සඳහන්ය.

මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කරන බවද ආචාර්ය එස්. ජයිශංකර් මහතා මෙහිදී පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉන් අනතුරුව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවකට එක් ව තිබේ.

මේ අතර අද ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව ඔහු රාජ්ගාද් හී පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමට නියමිතය.

අනතුරුව ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පැවැත්වෙනු ඇත.

එම සාකච්ඡා අග්‍රාමාත්‍ය නිල නිවස වෙන හයිද්‍රාබාද් හවුස් හී දී පැවැත්වීමට නියමිත අතර එහිදී අවබෝධතා ගිවිසුම්වලට එළඹීමටද, ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද, ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමද සිදුකිරීමට නියමිතය.

අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය උප ජනාධිපතිරයා අතර හමුව පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති දෟපති මුර්දු මහත්මිය අතර සාකච්ඡා රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us