වසර 10 ක් තුළ විදේශ ගත වූ වැඩිම ප්‍රමාණය මේ වසරේ වාර්තා වෙන ලකුණු  

Published in පුවත්
Friday, 13 December 2024 17:39

2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 03 ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය පැවසුවේ අද (13) වන විට එම ප්‍රමාණය 300,162ක් වන බවය.

පසුගිය වසර 10ක කාලයකදී ශ්‍රමිකයින් ලක්ෂ 03ක ප්‍රමාණය ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2022 වර්ෂයේදී ශ්‍රමිකයින් 310,948 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

2024 වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් 177,804 හා කාන්තාවන් 122,358 ක් රැකියා සඳහා විදේශ ගතවී ඇත.

අදාල කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීම 40% ක් වන අතර පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මුළු සංඛ්‍යාවෙන් 60% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 184,140 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 116,022 දෙනෙකු විදේශ ගතවී ඇතැයිද එම කාර්යාංශය පවසයි.

ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 73,995 කි.

දෙවනුව වැඩිම ප්‍රමාණයක් විදේශ ගතව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 49,499 කි.

කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව පෙනි යන වැදගත් කරුණක් වනුයේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය, රුමේනියාව හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරිමයි.

ඒ අනුව 2024 වර්ෂය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 7,002 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 9,211 දෙනෙකුද, රුමේනියාවේ රැකියා සඳහා 10,274 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 8,251 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

2024 වර්ෂය අවසානය වන විට රැකියා සඳහා විදෙස් ගතවන ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 311,000 ඉක්මවා යනු ඇතැයි කාර්යාංශය අපේක්ෂා කරයි.

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයද මෙම කාලසීමාව තුළදී සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව 2024 නොවැම්බර් මාසය දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 5961.6 ක් මෙරටට ලැබී ඇති බවද විදේශ සේවා කාර්යාංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us