අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි   Featured

Published in පුවත්
Friday, 13 December 2024 17:43

කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඔහු ලිපියක් මගින් දන්වා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති නමුත් තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නැති බවයි.

එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි තමන් සතුව නොමැති බැවින් ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු එම ලිපියේ දක්වා තිබේ.

නමුත් එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීමට අපහසු බවත් ඔහු සිය ලිපිය මගින් පවසයි.

තමා හට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර එම ලියකියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවත් ඔහු එමගින් දන්වා තිබේ.

කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට නොහැකි බවත් ජනතාව ආණ්ඩුව වෙත තබා ඇති විශ්වාසයෙන් ජනතාව අපහසුතාවට පත් කළ නොහැකි බැවිනුත් තමා දැනට දරන කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් අශෝක රංවල මහතා සිය ලිපිය මගින් දන්වා තිබේ.

new

Last modified on Friday, 13 December 2024 17:47

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us