සහල් මෙට්‍රික් ටොන් 2300ක් ගෙනල්ලා

Published in පුවත්
Friday, 13 December 2024 17:17

පසුගිය දෙසැම්බර් 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 2300ක් ආනයනය කර ඇති බව රේගූ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ලැබී ඇති සහල් තොග අතරින් මෙට්‍රික් ටොන් 1600ක් තම්බපු සහල් මෙන්ම කැකුළු සහල් මෙට්‍රික් ටොන් 680ක් පමණ ඇති බවය.

මෙම සහල් තොග නිෂ්කාශනය කිරීමට පෙර ආහාර පරීක්ෂකවරුන්ගේ සහ ශාක නිරෝධායන කාර්යාලයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.

ආනයනය කරනු ලැබූ මෙම සහල් තොග ආනයනකරුවන් වෙත ඉතා ඉක්මනින් මුදා හැරීමට සඳහා ශ්‍රී ලංකා රේගුව ප්‍රමුඛතාව ලබා දී ඇතැයිද ලැබී ඇති සහල් තොග අතරින් මේ වනවිට 90%කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ඇති බවද අතිරේක රේගු අධ්‍යක්ෂවරයා මෙහිදී පැවසීය.

ඔහු පැවසුවේ ඉතුරු සහල් තොග නිදහස් කරගැනීම සඳහා වූ ක්‍රියාවලීන් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

තවද අද සහ හෙට (14) දිනය වන විට තවත් සහල් තොග මෙට්‍රික් ටොන් 3500ක පමණ ප්‍රමාණයක් ලැබෙතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

රජය විසින් මෙලෙස සහල් ආනයනය කිරීමට අවසර දී ඇත්තේ දෙසැම්බර් මස 20 වැනි දින දක්වා පමණක් බවත් ඊට පෙර සහල් ආනයනය සිදුකළ යුතු බවද අතිරේක රේගු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මෙරට දෛනික සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 65 ක් (ටොන් 6500 ක් ) පමණ වේ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us