සහල්‌ ගෙන්වීම ආනයනකරුවන්ට දුන්නොත් සති දෙකෙන් බඩු එනවාලු. නැත්නම් නත්තල් පහු වෙනවා.

Published in පුවත්
Saturday, 30 November 2024 11:07

සහල්‌ හිඟයට කඩිනම්‌ විසඳුමක්‌ ලෙස සහල්‌ ආනයනය කිරීමට ආනයනකරුවන්ටත්‌ අවස්ථාව දෙන්නේ නම්‌ දින 10 ත්‌ 15 අතර කාලයකින්‌ සහල්‌ ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දන්වා ඇතැයි වාර්තා වේ.

එහෙත් සහල් ආනයනය සඳහා ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට අවස්ථාව දෙන ලෙස ඉල්ලීම් කර ඇතත් ඊට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද පැවසේ. මේ හේතුව මත පිටකොටුව ඇතුළු සහල් වෙළෙඳපොළේ උග්‍ර සහල් හිඟයක් පවතින බව ද අනාවරණය වේ.

මේ අතර සහල් අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය දුන්නේය. සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් ජාත්‍යන්තර ලංසු කැඳවා මෙම සහල් ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.

එහෙත් රජයේ මැදිහත් වීමෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇති සහල් තොග මෙරටට ලැබෙන විට නත්තල් සමයද පසුවනු ඇතැයි ආහාර ආනයනකරුවෝ පවසති.

සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට ඊයේ (29) සිට ටෙන්ඩර් කැඳවීමට කටයුතු කර තිබිණි. ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය සඳහා අද සිට දින 7 ක් ඇතුළත ආනයනකරුවන්ට ඉදිරිපත් විය හැකි බවයි.

ඒ අනුව අදියර කිහිපයක් යටතේ සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබේ. එම සහල් උත්සව සමයට පෙර වෙළෙඳ පොලට නිකුත් කිරීමට අපේක්ෂිතයි.

ආචාර්ය සමිත පෙරේරා මහතා ප්‍රකාශ කළේ, ලක් සතොස අලෙවි සැල් හරහා මෙන්ම සුපිරි වෙළෙඳ සැල් හා සාමාන්‍ය තොග වෙළෙඳ සැල් හරහාද එම සහල් තොග බෙදා හැරීමට සැලසුම්කර ඇති බවයි.

කෙසේ නමුත් රජයේ වැඩපිළිවෙල අනුව මෙම සහල් තොගවලට අදාළ 'සාම්පල' මෙරටට ලැබීමට සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි අනාවරණය වේ. මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක තොගය මෙරටට ලැබීමේදී දෙසැම්බර් මස අග වනු ඇතැයි ආනයන කරුවෝ පවසයි. මේ නිසා උත්සව සමයේ දී සහල් හිඟය වඩාත් උත්සන්න වීමේ අවදානමක් පවතී.

සහල්‌ ආනයනය කිරීමේදී කිලෝවක්‌ සඳහා පනවා ඇති රුපියල්‌ 65 ක්‌ බද්ද රුපියල්‌ 40 දක්වා අඩු කරන ලෙසත්‌ ඉල්ලා සිටින ඔවුන්‌ ආනයන බද්ද රුපියල්‌ 40 දක්වා අඩු කරන්නේ නම්‌ සහල්‌ ගෙන්වා කිලෝවක්‌ රුපියල්‌ 180 ත්‌ 185 අතර මිලකට ජනතාවට ලබාදීමට හැකි බවත්‌ පවසයි.

රටේ පවතින සහල්‌ හිගය දිනෙන්‌ දින උග්‍ර වන බවත්‌ සදහන්‌ කරන ආනයනකරුවන්‌ මේ වන විට පිටකොටුව තොග වෙළෙඳපොළේ ඇත්තේ දින කිහිපයකට ප්‍රමාණවත්‌ සහල්‌ තොගයක්‌ බවද සඳහන්‌ කරයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත 'ස්වර්ණ නාඩු' සහල් තොග මිල ඉතා පහළ බැස ඇති නිසා නැව් ගාස්තු ද සමග කොළඹ වරායට එම වර්ගයේ සහල් කිලොවක් තොග මිල රුපියල් සියයක් ආසන්න වෙද්දී ගොඩ බාගත හැකියාව ඇති බවත් පැවැසේ.

දේශීය වෙළඳපළේ විශාල වශයෙන් ඉහල ගොස් ඇති සහල් මිල මෙම සහල් තොග ආනයනය සමඟ පහළ යනු ඇති බව සහල් ආනයනකරුවන් විශ්වාසය පළ කරති.

මෑතක දී සහල් කුඩා මෝල් හිමියන් කියා සිටියේ ඉන්දියාවෙන් සහල් ආනයන කළ හොත් රුපියල් 135ක පමණ මුදලකට වෙළඳපොළේ අලෙවි කළ හැකි වනු ඇති බවය.

එසේ නමුත් මහ කන්නයේ වී අස්වනු ලබන වසරේ (2025) ජනවාරි මාසයේ මැද සිට නෙළීමට නියමිත අතර එම කාලය තුළදී ආනයනික සහල් තොග බෙදාහැරීම නිසා 'වී මිල' අඩුවීමේ අවදානමක් පවතින බව ගොවීහු කියා සිටිති. සෑම වසරකම මහ කන්නයේ අස්වනු නෙළීමේ දී සහල් ආනයනය කරන බවත්, මහා පරිමාණ වී මෝල් හිමියන් මහ කන්නයේ වී තොග අඩු මිලකට සූරාකන බවත් ගොවීහු පවසති.

මේ අතර අධික වැසි තත්ත්වය නිසා කුඹුරුවලට සිදුවී තිබෙන හානි හේතුවෙන් මහ කන්නයේ වී අස්වනු අඩුවීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම අංශ සඳහන් කරයි. කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පසුගියදා කියා සිටියේ වැසි තත්ත්වය හේතුවෙන් කුඹුරු අක්කර 5000කට පමණ හානි සිදුවී තිබෙන බවය.

අධික වැසි තත්ත්වයත් සමග ප්‍රධාන වශයෙන් වී වගා කරන ලද දිස්ත්‍රික්කවල කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යටවී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අම්පාර දිස්ත්‍රික්කයේ සමස්ත කුඹුරු ඉඩම්වලින් සියයට 90ක් ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත කුඹුරු ඉඩම්වලින් සියයට 75ක් ද ජලයෙන් යටවී තිබේ. වව්නියාව, යාපනය ආදී දිස්ත්‍රික්කවල සම්පූර්ණයෙන්ම කුඹුරු ඉඩම් ජලයෙන් යටවී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ අබේරත්න පැවැසීය.

ජලය බැස යන තුරු මහ කන්නයේ වී වගා කරන ලද කුඹුරුවලින් කොපමණ ප්‍රමාණයකට හානි වී ඇත්දැයි තක්සේරු කිරීමට නොහැකි බව ද ඔහු කීවේය. පසුගිය දින කීපය තුළ වී වපුරන ලද කුඹුරු ජල ගැල්මෙන් හානියට පත්වන බවත්, ඊට හේතුව අධික ජලය නිසා බිත්තර වී කුණුවීම බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us