රටින්‌ සහල්‌ ගෙන්වීම අවශ්‍ය නෑ. ටොන්‌ 42,200 ක සහල්‌ අතිරික්තයක්‌ තිබෙනවා - හිටපු කෘෂි අධ්‍යක්ෂ  

Published in පුවත්
Monday, 25 November 2024 15:38

රටින්‌ සහල්‌ ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික්‌ ටොන්‌ 4.24 ක්‌ නිෂ්පාදනය කළා. වාර්ෂික සහල්‌ අවශ්‍යතාවය සහල්‌ මෙට්රික්‌ ටොන්‌ මිලියන 2.46 ක්, බැවින්‌ අතිරික්ත වී තොගයක්‌ මෙරට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වරයකු වූ කේ. බී ගුණරත්න මහතා පැවසීය.

රටේ උද්ගත ව පවතින අධික සහල්‌ මිළ සහ සහල්‌ රටින්‌ ගෙන්වීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්‌ වැඩි දුරටත්‌ කරුණු දැක්වූ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක වරයා මෙසේ පැවසීය.

2022 වසරේ හැර සෑම වසරකම ඒ ඒ රජයන්‌ මාස තුනකට සහල්‌ අතිරික්තයක්‌ පවත්වාගෙන ආව, රසායනික පොහොර තහනම නිසා ඇති වූ ගැටළුව හේතුවෙන්‌ 2022 වසරේ සහල්‌ මෙට්‍රික්‌ ටොන්‌ 800,000 ක්‌ ආනයනය කිරීමට ඇමරිකානූ ඩොලර්‌ මිලියන 400 ක්‌ වැය කළා.

ඒ නිසා රටින්‌ සහල්‌ ආනයනය කිරීම අවශ්‍ය නැහැ. නිවරුදි ආකාරයට ලැබූණ අස්වැන්න සහල්‌ කළොත්‌ ලංකාවේ මේ වසරේ මෙට්රික්‌ ටොන්‌ 42,200 ක්‌ පමණ සහල්‌ අතිරික්තයක්‌ තිබිය යුතුයි.

තාමත්‌ වී වලින්‌ සියයට 40 ක්‌ (40%) පමණ ගොවියා සතුව හෝ වී මෝල්‌ හිමියන්‌ සතුව හෝ සඟවා තබාගෙන තිබෙන්නට ඕනේ, මේවා පිටතට ගැනීම සඳහා නීතීමය ක්‍රියාමාර්ග ගැනීම රජය සතු කාර්යයක්‌.

 

- lankadeepa

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us