ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක ණයක් ශ්‍රී ලංකාවට  

Published in පුවත්
Monday, 25 November 2024 15:27

ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය ඉහළ නැංවීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීම සඳහා ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් අනුමත කර ඇති බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) අද (25) දින නිවේදනය කර සිටියේය.

මූල්‍ය තිරසාරභාවය ඉහළ නැංවීම, පිරිවැය ප්‍රතිසාධන ගාස්තු සංශෝධන සහතික කිරීම සහ තරඟකාරී පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීම අරමුණු කරගත් බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේදී ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය මෙම ව්‍යාපෘතියේ අනුමැතියෙන් පිළිබිඹුවන ආසියානු සංවර්න බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

මීට පෙර පසුගිය නොවැම්බර් 19 දින මෙරට මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 200 ක ප්‍රතිපත්තිමය ණය පහසුකමක් ලබා දීමට ද ආසියානු සංවර්ධන බැංකුව සිය අනුමැතිය ලබා දී තිබුණේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us