කලාපීය නවතම නිරීක්ෂණ සහ අනාවැකි අනුව, මෙම පද්ධතිය නොවැම්බර් මස 27 හවස/රාත්‍රී වනවිට පුල්මුඩේ සිට කි.මී. 90ක් පමණ නැගෙනහිර දෙසට වන්නට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් තවදුරටත් උතුරු දෙසට ගමන් කරනු ඇතිබවට අනාවැකි පළකර සිටී.
.
[මෙම පද්ධතිය සම්බන්ධව කා.වි.දෙ. විසින් ඔවුන්ගේ "රතු" නිවේදනය තවදුරටත් වලංගු වන පරිදි යාවත්කාලීන කර ඇත. නිවේදනය https://www.meteo.gov.lk/images/2024/ilovepdf_merged.pdf ]
.
පහතින් දැක්වෙනුයේ RSMC මගින් අද(26) දහවල් ප්‍රසිද්ධ කළ, පද්ධතියේ ගමන් මගෙහි අනාවැකි දත්ත අනුව ගණනය කරන ලද දිවයිනට සාපේක්ෂව පිහිටුම් දුරවල් වේ.
.
2024.11.26 හවස 05.30
ගැඹුරු පීඩන අවපාතය - අක්කරෙයිපත්තු සිට කි.මී. 60ක් පමණ ඈත.
2024.11.27 අළුයම 05.30
ගැඹුරු පීඩන අවපාතය - වාකරේ සිට කි.මී. 60ක් පමණ ඈත.
2024.11.27 හවස 05.30
සුළිකුණාටුවක් බවට පත්විය හැක. - පුල්මුඩේ සිට කි.මී. 90ක් පමණ ඈත.
2024.11.28 අළුයම 05.30
සුළිකුණාටුව - පේදුරුතුඩුව සිට කි.මී. 150ක් පමණ ඈත.
2024.11.28 හවස 05.30
සුළිකුණාටුව - පේදුරුතුඩුව සිට කි.මී. 200ක් පමණ ඈත. දිවයිනෙන් ඈතට ගමන් කරයි.
2024.11.29 අළුයම 05.30
සුළිකුණාටුව - පේදුරුතුඩුව සිට කි.මී. 260ක් පමණ ඈත. දිවයිනෙන් ඈතට ගමන් කරයි.
.
මෙම පද්ධතියේ බලපෑම මත දිවයින පුරා අහස වලාකුළින් බරව පැවතිය හැකි අතර විශේෂයෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල තවදුරටත් ඉතා තදවැසි ඇතිවීමේ හැකියාවක් පවතී. අධික වැසි හේතුවෙන් සිදුවිය හැකි අනතුරු සහ ආපදා තත්ත්වයන් අවම කර ගැනීම සඳහා පියවර ගන්න!
දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි අතර ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම සුදුසු නොවේ.
.
පින්තූර
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පද්ධතියේ ගමන් මාර්ගය දක්වන සිතියම.
Source: RSMC update on 08.00UTC
We acknowledge the Regional Specialized Meteorological Centre (RSMC) New Delhi and the Department of Meteorology-SriLanka for their data and for providing these forecasts.
කාලගුණය සහ දේශගුණය
Facebook පිටුවෙන්