අයහපත් කාලගුණය සමග ඩෙංගු යළි හිස ඔසවයි

Published in පුවත්
Tuesday, 15 October 2024 10:18

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවේ, මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,657 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 20දෙනෙකු මියගොස් තිබේ.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමග යළිත් වරක් ඩෙංගු මඳුරුවන් බෝවීමේ ඉහළ යාමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කළේය.

"ඔක්තෝබර් මාසයේ පමණක් රෝගීන් 1,247ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. වසර පුරාම මරණ 20ක් වාර්තා වුණා. රෝගීන් වැඩිම වශයෙන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල. ඊට අමතරව මහනුවර, රත්නපුර, මාතර, ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැඩිපුර රෝගීන් වැඩිපුර වාර්තා වෙනවා. මේ වර්ෂාව සමග ඉදිරියේ දී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකියි. එනිසා තමා ඉන්න ප්‍රදේශය අවට වගේම පොදු ස්ථාන මඳුරුවන් බෝවෙන තැන් ඉවත්කරගන්න කටයුතු කරන්න."

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us