අපේක්ෂකයන්ට මනාප අංක ලබාදීම අද සහ හෙට

Published in පුවත්
Tuesday, 15 October 2024 10:05

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවය.

එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද (15) සහ හෙට යන දෙදින තුළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකු විසින් වැයකළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us