2050 වන විට පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක් Featured

Published in පුවත්
Monday, 14 October 2024 10:48

2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක් අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේදි පැවැති ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (SRI LANKA COLLEGE OF ONCOLOGISTS) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය - 2024 සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000 කට අධික සංඛ්‍යාවක්, මරණ 19,000 ක් සිදුව ඇති බවත් පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බවත්ය.

එසේම පිළිකා හේතුවෙන් ලොව පුරා වසරකට මිලියන 9.7 කට අධික පුද්ගල ජීවිත අහිමි වන බව ද ඔහු පැවැසීය.

එහිදී සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ පිළිකා රෝගය ගෝලීය සෞඛ්‍ය අභියෝගයන්ගෙන් එකක් ලෙස පවතින බවයි.

සෞඛ්‍ය සේවාවේ නියමුවන් ලෙස ලෙස මෙම අභියෝගයට මුහුණදීමේ වගකීම ඇති බවත්, විශේෂයෙන් අප වැනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ද ඔහු පැවැසීය.

ගෝලීය වශයෙන්, සියලුම පිළිකා රෝග අතරින් සියයට 5 ත් 10 ත් අතර ප්‍රමාණයකට ජානමය දෝෂ හේතු වන අතර, පිළිකාවලින් සැලකිය යුතු කොටසක් 95% දක්වා දුම්කොළ, මධ්‍යසාර සහ පෝෂණය වැනි ජීවන රටා සාධක හේතු වන බවද ඔහු අවධාරණය කළේය.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us