විපතට පත් ජනතාව මුදාගැනීමට යුද හමුදාව විශේෂ මෙහෙයුමකින් පෙරට

Published in පුවත්
Monday, 14 October 2024 11:17

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ගංඟා පිටාර ගැලීමෙන් ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සඳහා අමතර යුද හමුදා භට පිරිස් යොදවා තිබේ.

එම සහන සේවා කටයුතු තව දුරටත් පුළුල් කරමින් වැඩි භට පිරිස් ප්‍රමාණයක් යෙදවීමට යුද්ධ හමුදාපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා විය.

ඒ අනුව, පහත සඳහන් ස්ථානයන් වෙත සහනසේවා කටයුතු සඳහා අද (14) දින භටපිරිස් යොදවා ඇත.
මල්වාන - යුද හමුදා කණ්ඩායමක් (බෝටුවවක් සමග)
කටුගොඩ - යුද හමුදා කණ්ඩායමක්
වටරැක - යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටුවක් සමග)
සිතාවක - යුද හමුදා කණ්ඩායමක්
මීතොටමුල්ල - යුද හමුදා කණ්ඩායම් දෙකක් (යුනි බෆල් රථ හතරක් සමග)
කොලොන්නාව - යුද හමුදා කණ්ඩායමක් (අයන්හෝස් දෙකක් සමග)
නවගමුව - යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටු දෙකක් සමග)
පැලවත්ත - යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)
යටදොලවත්ත - යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)

මිට අමතරව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇති විය හැකි හදිසි අපදා තත්ත්වයකදි යෙදවිම සඳහා WMZ රථ 23ක්, යුනි බෆල් රථ හා යුනිකෝන් රථ 34ක්‍, බෝට්ටු 56ක් සමග 6500 පමණ භට පිරිස් ප්‍රමාණයක් හා සුදානම් කර ඇති බව යුද්ධ හමුදාව පැවසීය.

-p.m

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us