තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Published in පුවත්
Thursday, 10 October 2024 09:16

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව මැතිවරණ රාජකාරීවලින් නිදහස් කර ඇති අය හැර රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ අනෙකුත් සියලුම නිලධාරින් තැපැල් ඡන්ද ඉල්ලුම් කළ යුතු අතර, තැපැල් ඡන්ද අයදුම් කර නොතිබීම මෙන්ම අඩුපාඩු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කර තිබීම ද මැතිවරණ රාජකාරීවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර එළැඹෙන මහමැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට තිබේ.

පිළිගත් දේශපාලන පක්ෂ හැර සියලු ස්වාධීන කණ්ඩායම් මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ යුතු වේ.

ඒ අනුව ඊයේ (09) දිනය දක්වා ස්වාධීන කණ්ඩායම් 293ක් ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ දක්වා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර එම සංඛ්‍යාව 42කි.

මේ අතර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 88ක් එළැඹෙන මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

දේශපාලන පක්ෂ 46ක් සහ ස්වාධීන කණ්ඩායම් 42ක් මෙලෙස නාමයෝජනා භාර දී ඇති බව සඳහන්ය.

මේ අතර හෙට (11) මධ්‍යහන 12 දක්වා දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී නාමයෝජනා පත්‍ර භාරදීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

ඉන් අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනුකිරීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us