ජාත්‍යන්තර පාසල් නියාමනයට කඩිනමින් වෙනම ඒකකයක්

Published in පුවත්
Thursday, 10 October 2024 09:26

ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා වෙනම ඒකකයක් වහාම පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර පාසලක සිසුවියක් නෙළුම් කුලුනෙන් පැන සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ ආයතනයක් නොමැති වීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පසුගිය 2020 වසරේ නිකුත් කළ වාර්තාවක ද සඳහන් කර තිබේ. එම පාසල්වල ගුරුවරුන්ගේ සුදුසුකම් හා ඉගැන්වීම් ක්‍රම , දරුවන්ගේ විනය , ගාස්තු අය කිරීමේ විෂමතා සහ විෂය නිර්දේශ ආවරණය නොකිරීම වැනි ගැටලු රැසක් එම වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.

මෙම ගැටලු සම්බන්ධයෙන් වරින් වර අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබිණි. එහෙත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නීතිමය බලයක් නොමැති හෙයින් අමාත්‍යාංශයට කළ හැකි වූයේ ඒ සම්බන්ධයෙන් අදාළ පාසලින් විමසීමක් කිරීම පමණි. එම පාසල් නියාමනය සඳහා වෙනම ඒකකයක් පිහිටුවීමෙන් පසු එම තත්ත්වය වෙනස් වනු ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවැසීය.

සමාගම් පනත යටතේ ලියාපදිංචි ජාත්‍යන්තර පාසල් තුන්සිය අනූ පහක් පවතින අතර ඉන් එකසිය අනූ පහක් මඇත්තේ බස්නාහිර පළාතේ ය. අඩුම සංඛ්‍යාව ඇත්තේ උතුරු මැද පළාතේ ය. එම සංඛ්‍යාව හතරකි.

නෙළුම් කුලුනෙන් පැන සිය දිවි නසා ගත් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අද ( 10 වැනිදා ) වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය එම ජාත්‍යන්තර පාසලට දැනුම් දී තිබේ.

එමවාර්තාව ලබා ගන්නා අතර ම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර විසින් පත්කරන ලද කමිටුව ඇතුළු නිලධාරී කණ්ඩායමක් අද එම පාසලට යාමට නියමිතය. අතිරේක ලේකම්වරු තිදෙනෙක් එම කමිටුවට අයත් වෙති. දරුවන්ට උපදේශන සේවා ලබා දීම සඳහා පාසලේ පවතින වැඩපිළිවෙළ, ඒ සඳහා පුහුණු ගුරුවරු සිටින්නේ ද, දරුවන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් කවර මට්ටමක පවතින්නේ ද යන කරුණු සම්බන්ධයෙන් මෙම කණ්ඩායම පූර්ණ අධීක්ෂණයක යෙදෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us