යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 කට උසස්වීම්

Published in පුවත්
Thursday, 10 October 2024 09:07

අද (10) දිනට යෙදෙන යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කර ඇත්තේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත එම උසස්වීම් ලබාදුන් බවය.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක නිලධාරීන් 131 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08 දෙනෙකු ලුතිනන් නිලයටත් උසස්වීම් ලැබූහ.

එමෙන්ම, නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි බලලත් නිලධාරී II නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 99 දෙනෙකු බලලත් නිලධාරී I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 185 දෙනෙකු බලලත් නිලධාරී II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 380 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 346 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 111 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 152 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලැබූහ.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us