ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක්

Published in පුවත්
Wednesday, 09 October 2024 10:14

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබේ.

ලෙබනනයේ මේ වන විට පවතින යුදමය තත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ලෙබනනයට පැමිණ ලියාපදිංචි කාලය ඉක්මවු පසු නැවත එකී ලියාපදිංචිය යාවත්කාලීන නොකර දීර්ඝ කාලීනව රැකියාවල නියුතු වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම සහන කාලය ලබාදී තිබේ.

එම සහන කාලය 2024 ඔක්තෝබර් මස 08 වන දින සිට 2025 ජනවාරි මස 08 වන දින දක්වා එනම් මාස 03ක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ.

එකී කාලය තුළ තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචිය කඩිනමින් සිදුකර ගත හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැනුම්දෙයි.

ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පැමිණෙන විට පහත ලියකියවිලි රැගෙන නානාපති කාර්යාලය වෙත පැමිණෙන ලෙසට ද දැනුම් දී තිබේ.

01) වලංගු වීසා බලපත්‍රය සහ වලංගු ගමන් බලපත්‍රය(මෙම ලේඛණයන් තිබීම අනිවාර්ය

වේ.)

02) දැනට සේවය කරන ස්ථානයට අදාළ වත්මන් රැකියා ගිවිසුම (Current Employment Contract) හෝ සේවායෝජක විසින් නිකුත් කරනු ලබන පිරිනැමීමේ ලිපිය (Job Offer Letter) 03) උක්ත අංක (01) සදහන් ලියකියවිලි සහිත වුවත්, වත්මන් රැකියා ගිවිසුම (Current Employment Contract) හෝ සේවායෝජක විසින් නිකුත් කරනු ලබන පිරිනැමීමේ ලිපිය (Job Offer Letter) නොමැති අය තානාපති කාර්යාලය මඟින් ලබා දෙනු ලබන ප්‍රකාශ පත්‍රිය (Self-Declaration) පිරවිය යුතු අතර, එහිදී ලියාපදිංචිය සිදුකර ගත හැක.

මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් 62ක (USD 62/-) රජයේ ගාස්තුවක් අයකරනු ලැබේ.

ඒ අනුව, විශේෂයෙන්ම මෙම යුද වාතාවරණය තුළ ලබා දී ඇති මෙම විශේෂ සහන කාලය මහඟු අවස්ථාවක් කර ගනිමින්, කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ලියාපදිංචි විගමණික ශ්‍රමිකයන් හට හිමි වන සුබ සාධන හා රක්ෂණ ප්‍රතිලාභ හිමිකර ගනිමින් රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නා ලෙසට ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

 2024.10.13 වන ඉරු දින පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා තානාපති කාර්යාලය මේ සඳහා විශේෂයෙන් විවෘතව පවතින අතර, එදිනට පසු ඉදිරි මාස 03ක කාලය තුළ සෑම සතියේ දින පහ තුළදී ම මෙම සේවාව ලබා ගත හැකිය.

 වැඩිදුර විමසීම්:

1.00961-81685186/00961-81915603

කෞෂි මෙය / කුමාරි මිය කම්කරු ලිපිකරු

2. 00961-79125589

ක්ෂණික ඇමතුම් අංකය තානාපති කාර්යාලය

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බේරෑට් - ලෙබනන්

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us