අන්තර්ජාලය ඔස්සේ සිදුවෙන මුල්‍ය වංචා පැමිණිලි ඉහළට

Published in පුවත්
Wednesday, 09 October 2024 10:07

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් පැමිණිලිවල ඉහළ යාමක් වාර්තාවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වසරේ ගතවූ කාලසීමාව තුළ මූල්‍ය චංචා පිළිබඳ පැමිණිලි 340කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවය.

"සැප්තැම්බර් මාසය වනවිට අන්තර්ජාල සම්බන්ධයෙන් පැමිණිලි 7,210ක් වාර්තා වෙලා තියෙනවා. මේ අතරින් වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය සම්බන්ධ සිදුවීම්. ඍජුවම අන්තර්ජාල සිදුවීම් ගත්තහම 20%ක් වැනි ප්‍රමාණයක් අන්තර්ජාල වංචාවලට හසුවූ පුද්ගලයින්ගෙන් ලැබුණු පැමිණිලි. මේ අතරින් කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ බැංකුකරණයේ යෙදෙන පරිශීලකයින් ඉලක්ක කරගනිමින් සිදුවන අන්තර්ජාල වංචා. බොහෝ වෙලාවට අන්තර්ජාලය ඔස්සේ බැංකුකරණයේ යෙදෙන පරිශීලකයින් බැංකු ගිණුමට පිවිසෙන මුරපදය, තාවකාලික මුරපදය වන OTP අංකයෙහි ආරක්ෂිතභාවය ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වීම. පසුගිය කාලය තුළ අන්තර්ජාල බැංකුකරණය සම්බන්ධයෙන් සිදුවූ වංචාවලට සම්බන්ධ පැමිණිලි 340 ගණනක් වාර්තා වෙලා තියෙනවා. මෙහිදී තමන්ගේ බැංකුකරණයට අදාළ වෙබ් අඩවිය හරියට හඳුනා නොගැනීම නිසා තමා බොහෝවිට මෙම වංචාවන්ට හසුවෙලා තියෙන්නේ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us