වයිරසයෙන් මිය යන ඌරන්ගේ මස්, මිළ අඩුවට වෙළදපොලට

Published in පුවත්
Wednesday, 09 October 2024 09:43

බස්නාහිර පළාතේ ඌරු ගොවිපොළ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් වයිරසයක් පැතිර යන බවත්, වයිරසය ආසාදනය වී මිය යන ඌරන්ගේ මස් අධි ශීතකරණවල ගබඩා කර කිලෝවක් රුපියල් 300 ත් 400 ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බවත් තොරතුරු අනාවරණය වේ.

ජාඇල ප්‍රාදේශීය සභාවේ ඉකුත් 02 වැනිදා පැවැති පරිසර හා පහසුකම් කමිටු සාකච්ඡාවේදීද දඩුගම ප්‍රදේශයේ ඌරු ගොවිපොළවල සිටින ඌරන් මියයාම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇත. එම ප්‍රදේශයේ ඌරු ගොවිපොළවල දිනකට ඌරන් 50 දෙනකු පමණ මියයන බවත්, එම සතුන්ගේ මස් අඩු මිලට මිනිස් පාරිභෝජනය සඳහා අලෙවි කෙරෙන බවට වාර්තා වී ඇති බවත් මෙම කමිටුවේදී සාකච්ඡා කර ඇත.

මෙලෙස ඌරන් මියයාම සම්බන්ධයෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සිසිර පියසිරිගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඌරු ගොවිපොළවල් ආශ්‍රිත ඌරන් අතර වයිරසයක් පැතිර යන බවය.

මූත්‍රා, කෙළ බිඳිති ආදිය හරහා මෙම වයිරසය ඌරන් අතර පැතිර යන බවත්, සතුන්ට හුස්ම ගැනීමේ අපහසුතා, පෙණහලු අකර්මන්‍ය වීම, උණ, ආහාර අරුචිය ආදී තත්ත්වයන් මෙම වයිරසය ශරීරගත වීමෙන් පසුව ඇතිවන රෝග ලක්ෂණ බවත් ඔහු කීවේය. එමෙන්ම ගැබිනි සතුන් ගබ්සාවීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.

මෙම වයිරසය වඩාත් පැතිර යන්නේ ඉඳුල් ආහාර ආදිය ඌරු ගොවිපොළවලට ප්‍රවාහනය කිරීම නිසා බවද ඔහු කීවේය. මෙම වයිරසයෙන් මිනිසුන්ට හානියක් නොමැති බවද ඔහු පැවැසීය.

මෙම රෝගය පාලනයට අදාළව පළාත් පාලන ආයතන විසින් අදාළ ප්‍රදේශයේ පශු වෛද්‍යවරුන් කැඳවා සාකච්ඡා කළ යුතු වූවද, මෙතෙක් එවැනි කටයුත්තක් සිදුවී නැති බවටද තොරතුරු අනාවරණය වේ. මෙම වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට බෝවන්නේද නැතිද යන්න පරීක්ෂා කිරීමේ හැකියාව ඇත්තේ පශු වෛද්‍යවරුන්ට බවද සභාපතිවරයා කීවේය.

ජනතාව මස් පාරිභෝජනය කිරීමේදී නිරෝගී සතකුගේ මස් පාරිභෝජනය සෞඛ්‍යයට යහපත් බවත්, සතුන් ගොවිපොළේදී මැරීමට පෙර පූර්ව පරීක්ෂණයකට ලක්කළ යුතු බවත්, එය පශු වෛද්‍යවරයකු විසින් සිදුකළ යුතු බවත් ඔහු පැවැසීය. නමුත් ගොවිපොළ තුළ එවැනි කටයුත්තක් සිදු නොවන බවද සභාපතිවරයා කීවේය.

ජාඇල ප්‍රදේශයේ ඌරු ගොවිපොළ ආශ්‍රිතව ඌරන් අතර ශීඝ්‍රයෙන් මෙම වයිරසය පැතිර යාම සම්බන්ධයෙන් ජාඇල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයේ ඉහළ නිලධාරියකුගෙන් කරන ලද විමසීමේදී කියා සිටියේ මේ පිළිබඳව පශු වෛද්‍ය අංශවලින් නිසි පිළිතුරක් නොලැබුණු බවත්, වයිරසය හේතුවෙන් සතුන් රැසක් මියගිය බවත්ය.

මියගිය සතුන්ගේ මස් අඩු මිලට අලෙවි කරන බවට ලද තොරතුරු අනුව ගොවිපොළ ආශ්‍රිතව සොයා බැලුවද ඒ පිළිබඳව අනාවරණය කර ගැනීමට නොහැකිවූ බවද ඔහු පැවැසීය. කෙසේ නමුත් මේ වනවිට සතුන් මිය යෑම අඩුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

දඩුගම ප්‍රදේශයේ ඌරන් මියයාම සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ජාඇල ප්‍රාදේශීය සභාවේ ලේකම් එල්.ඩබ්ලිව්.එල්.කේ. ධර්මසේන සම්බන්ධ කර ගැනීමට එම ප්‍රාදේශීය සභාවට දුරකථන ඇමැතුමක් ලබාදුන් අවස්ථාවේ එහි නිලධාරිනියක් කියා සිටියේ ලේකම්වරයා කාර්යාලයයේ නොමැති බවත්, ඔහුගේ ජංගම දුරකථන අංකය කිසිවකුට ලබා නොදෙන ලෙස දැනුම් දී තිබෙන බවත්ය.

-p.m

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us