3000කට විශ්‍රාම වැටුප් නෑ

Published in පුවත්
Saturday, 13 September 2014 09:23

 විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය මධ්‍යගත කිරීම සඳහා නිකුත් කර ඇති 11$2014 චක්‍ර ලේඛනයට අනුව විශ්‍රාම වැටුප් ගෙවීමේ දී විශ්‍රාමිකයන් තුන්දහසකට ආසන්න පිරිසකට සැප්තැම්බර් මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

 නව චක්‍ර ලේඛනයට අනුව මෙතෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකළ විශ්‍රාම වැටුප් ගෙවීම ඍජුවම බැංකු හරහා ගෙවීමෙන් මෙම ගැටලුව උද්ගත වී ඇත.

 අප කළ විමසීමක දී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, දෙපාර්තමේන්තුවෙන් සැප්තැම්බර් 07 දිනය වන විට මුදල් බැංකුවලට බැර කර තිබූ බවත් පහළ නිලධාරීන් විසින් වැරදි තොරතුරු ඇතුළත් කිරීම නිසා තුන්දහසකට ආසන්න පිරිසකට විශ්‍රාම වැටුප් ගෙවා ගත නොහැකි වූ බවත් ය.

 රට පුරා රාජ්‍ය ආයතන ඉතා දූෂිත තත්ත්වයක පවතින බවත් මෙම අසාර්ථකත්වයට ද හේතුව එම වැරදි පරිපාලනය බවත් ඒ මහතා පැවසූ අතර නව චක්‍ර ලේඛය නිකුත් කළේ ද එම අකාර්යක්ෂමතාව වළක්වා ගැනීමට බවද ප්‍රකාශ කළේ ය.

 රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ මෙතෙක් කාර්යාල 28කින් සිදුකළ කටයුත්ත එක් කාර්යාලයකින් සිදුකරන්නට යෑම නිසා ලක්ෂ පහක පමණ විශ්‍රාමිකයන් අපහසුතාවයට පත්වන  බවත් වංචා සිදුවන්නේ නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගෙන වංචා අවම කර ගැනීම විනා මෙවැනි අසාර්ථක උත්සාහයක් ගැනීම නොවන බවත් රාජ්‍ය කළමනාකරණයේ දුර්වලතාව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශවලින්ම පැහැදිලි වන බවත් ය.

 

Last modified on Monday, 15 September 2014 09:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us