දැරිය පැහැරගත් සැකකරු ඥාතියෙක්

Published in පුවත්
Saturday, 13 September 2014 09:18

kidnepකුරුණෑගල වැල්ලවදී පැහැර ගැනුණු තමාරා කේෂානි බණ්ඩාර දැරිය නිරුපද්‍රිතව බේරා ගැනීමට ‍පොලීසිය 12 වෙනිදා සවස සමත් විය. ඒ ඇය පැහැර ගැනීමෙන් දින තුනකට පසුවය. ඇගේ කොණ්ඩයද ඒ වන විට කපා තිබි ඇත. කොණ්ඩය කපා ඇත්තේද 12 වෙනිදා පෙරවරුවේදීය. එදා උදේ ඇයට කෑමට දී ඇත්තේ කිරිබත්ය.

ඇය පැහැර ගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර එම සැකකරුගේ මවද සැකපිට ‍පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. දැරිය සොයා ගන්නා විට ප්‍රධාන සැකකරු කැලෑ වැදී තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය ප්‍රමුඛ විශේෂ ‍පොලිස් කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබිණි.

දැරිය සොයා ගැනෙන්නේ කුඹුක්ගැටේ කුවේණිගල ප්‍රදේශයේ නිවසකිනි. එම නිවස සහ දැරියගේ නිවස අතර දුර ප්‍රමාණය කිලෝ මීටර් දහයක් වත් නැති බව ‍පොලීසිය සඳහන් කරයි. දැරිය ඉකුත් 09 වෙනිදා අලුයම පැහැරගෙන ඇතැයි සැක කරන්නේ එම නිවසේ ජීවත්වන තරුණයෙකි. කැලෑ වැදී ඇත්තේ ඔහුය. එම පුද්ගලයා ඈතින් දැරියගේ පවු‍ලේ ඥාතියෙකු වන බවද අනාවරණය වී තිබේ. තිස් දෙහැවිරිදි සැකකරු විවාහකයෙකු වන අතර බිරිඳ අතහැර ගොස් ඇති බවත්, ඔහු රාත්‍රී කාලයට නිවෙස්වලට රිංගන අයෙකු බවත් අනාවරණය වී ඇත. දැරිය පදිංචිව සිටි නිවසටද ඔහු ආගිය අයෙකු බවද සඳහන්ය. දැරිය පැහැරගෙන ආ පසු ඒ ගැන ‍පොලීසියට නොකියා සඟවාගෙන සිටීම  සම්බන්ධයෙන් මව අත්අඩංගුවට ගත් බව ‍පොලීසිය සඳහන් කරයි.


දැරිය නිවසේ කාමරයක තිබුණු පරණ ලෑලි ගොඩක් අතර සඟවා මතෛක් කලක් තබාගෙන සිට ඇත. එම නිවසේ ජීවත් වන්නේ එම දැරිය පැහැර ගත් ප්‍රධාන සැකකරු සහ ඔහුගේ මව පමණක් බවද ‍පොලීසිය සඳහන් කරයි.


ප්‍රධාන සැකකරුට වැඩිමහල් සහෝදරයෙක්ද සිටී. ඔහු පදිංචිව සිටින්නේ ඉබ්බාගමුවේය. හදිසියේම මෙන් ඔහු 12 වෙනිදා සවස එම නිවසට පැමිණ ඇති බව සඳහන්ය. එහිදී නිවසේ කාමරයක සඟවාගෙන සිටි දැරිය දැක ඒ ගැන මවගෙන් තොරතුරු විමසා ඇත. බාල සහෝදරයා විසින් එම දරුවා ගෙනවිත් තබාගෙන සිටින බව එහිදී මව ඔහුට පවසා තිබෙන බව  කියයි. එසේ දැරියක් නිවසේ සඟවාගෙන සිටීම ගැන  එහිදී සහෝදරයන් දෙදෙනා අතර ආරවුලක් ඇති වී තිබේ. එම ආරවුල දිග්ගැසීමෙන් පසු වැඩිමහල් සහෝදරයා  නිවසින් එළියට බැස අසල ඇති වෙළෙඳසලකට ගොස් දැරිය ගැන පවසා තිබේ. ඒ ගැන වෙළෙඳසල් හිමිකරු විපරම් කිරීමේදී ඒ කිට්ටුව ඇති ගඩොල්  ‍පෝරණුවක් අසල සිටි දැරිය සොයාගෙන ඇත.


එම දැරිය දැක ඇය පැහැර ගත්  දැරිය වන්නට ඇති බව සිතා ඇය වඩාගෙන සිය නිවසට ගෙනවිත් වැල්ලව ‍පොලීසියට ඒ බව දැනුම් දී තිබේ. තමාව  තබාගෙන සිටි නිවසද එහිදී දැරිය එම වෙළෙඳ සල් හිමිකරුට පෙන්වා ඇත. ඒ අනුව ගම්වාසීන් ඒ නිවස පරීක්ෂා කරන්නට යන විට ප්‍රධාන සැකකරු  පැනගොස් කැලෑ වැදී ඇති බව සඳහන්ය. දැරිය සඟවා ගෙන සිටීම සම්බන්ධයෙන් වැඩිමහල් සහෝදරයා විරෝධය දැක්වීමත් සමග ප්‍රධාන සැකකරු දරුවාද රැගෙන කැලෑවට පලායන්නට උත්සහ දරා ඇති බවක් පෙනෙන්නට ඇති බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.


තමන්ට මතෛක් දවසක් කන්නට දුන්නේ බිස්කට් සහ කිරිබත් බව දැරිය පවසන බවත්, තමාව කැ‍ලේ තබාගෙන සිටි බව කියන බවත් උසස් ‍පොලිස් නිලධාරියෙක් පැවැසුවේය. නිවසේ සිට තමාව රැගෙන ගියේ බයිසික‍ලේක තබාගෙන බවද ඇය ‍පොලිස් නිලධාරීන්ට පවසා ඇත. ඒ යන විට ඇය හඬා නැති බවත් මේ දින තුනේම ඇය දෙමාපියන් සොයා නැති බවත් පෙනී යන්නේ යැයි උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

දැරිය රෝහල් ගත කර වෛද්‍ය පරීක්ෂණයකටද ලක්කරන්නට ‍පොලීසිය පියවර ගෙන තිබේ. දරුවා පැහැර ගැනීමට හේතුව මතෛක් අනාවරණය වී නැති අතර ‍පොලීසිය පවසන්නේ පලාගිය සැකකරු අල්ලා ගන්නා තුරු ඒ කිසිවක් පවසන්නට නොහැකි බවය.


(ලක්බිම- ගයාන් කුමාර වීරසිංහ)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us