ක්‍රිකට්: අලුත් අතුරු පාලක මණ්ඩලයක්?

Published in පුවත්
Saturday, 13 September 2014 09:11

cricket-councilශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නායකයන් දෙදෙනා අතර හටගෙන තිබෙන ගැටුමක් හේතුවෙන් ආයතනයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙන බව ක්‍රීඩා විශ්ලේෂකයෝ පවසති.

අර්බුදය කෙතරම් උත්සන්න වී තිබෙන්නේද යත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම හැර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විකල්පයක් නැතැයි වාර්තාවේ.


මාස හයකට ආසන්න කාලයක් මුළුල්ලේ සභාපති ජයන්ත ධර්මදාස සහ ලේකම් නිශාන්ත රණතුංග අතර පවතින ගැටුම මේ වන විට උච්ඡතම තත්වයකට පත් වී ඇති  අතර, සභාපතිවරයාට සහ ලේකම්වරයාට සහාය දක්වන පාර්ශවයන් එකිනෙකාට චෝදනා කරමින් ඊමේල් පණිවුඩ හුවමාරු කරගන්නා තත්වයක් මතු වී තිබේ.

විශේෂයෙන්ම බංග්ලාදේශයේ පැවැත්වුන විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කොට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මහේල ජයවර්ධන නිශාන්ත රණතුංගගේ ක්‍රියාකලාපය දෝෂදර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව මෙම ගැටුම ප්‍රසිද්ධියේම දක්නට ලැබිණ.

ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාට තවත් බලතල පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගැනීමෙන් අනතුරුව ප්‍රධාන විධායක නිලධාරියා ගත් තීන්දු හේතුවෙන් ආයතනයේ සුළු සේවකයන්ද දෙපිලකට බෙදී සිටියි.

අර්බුදය විසදීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා මැදිහත් වූ අතර, ක්‍රීඩා අමාත්‍යවරයාද කිහිප වරක්ම දෙපාර්ශවය කැඳවා සාකච්ඡා කොට දෙපාර්ශවය සමගි කිරීමට උත්සාහ දැරිය.

 නමුත්, දැන් ඒ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී තිබෙන බැවින් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම හැර ඇමතිවරයාට  විකලපයක් නොමැති බව වාර්තාවේ.

(මුලාශ්‍රය- බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us