මංගලගෙන් සජිත්ට පිළිතුරක්

Published in පුවත්
Saturday, 13 September 2014 09:02

sajithmangalaපසුගිය බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තමන් පැවැසූ අදහස් වලට ප්‍රතිචාර දක්වමින්  සජිත් ප්‍රේමදාස මහතා දැඩි  ප්‍රහාරාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් එම ප්‍රකාශය සත්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

එළැඹෙන ජනාධිපතිවරණයේදී එජාප නායකයා වෙනුවෙන් සම්පූර්ණ සහාය පල කරන බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා පැවසූ වචන ඉදිරි සති කිහිපයේදී  ඔහුගේ ක්‍රියාවන් සමග  ප්‍රායෝගිකව සමපාත වියයුතු බව පමණක් බව තමන් පැවැසූ බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. 
 
එසේම ඔහු පවසන්නේ පක්ෂයේ සමගිය හා විනය රැක ගනිමින් තම සැබෑ පක්ෂපාතිත්වය හා අව්‍යාජ  කැපවීම  ඔප්පු කිරීමේ සැබෑ අභියෝගයක් සජිත් ප්‍රේමදාස මහතාට දැන් ඇති බවයි.
 
බදාදා මංගල සමරවීර මහතා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඊයේ (11දා) නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා පැවැසුවේ එක්සත් ජතික පක්ෂයවත්, ප්‍රේමදාසලා පිළිබඳවත්, අඩුම තරමේ තමන් පිළිබඳවත් නිවරදි තක්සේරුවක් නොමැති පුද්ගලයෙකු සිදුකළ වෛරී ප්‍රකාශයක් බවයි.

සමරවීර මහතා නිකුත්කළ නිවේදනය පහත පළවේ .

පසුගිය බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මා පැවසූ අදහස් වලට ප්‍රතිචාර දක්වමින්  සජිත් ප්‍රේමදාස මහතා තමනට සුපුරුදු ආකාරයෙන් දැඩි  ප්‍රහාරාත්මක නිවේදනයක් මා ඉලක්ක කර ගනිමින් නිකුත් කර තිබේ. ඒ මා ඔහුට අභියෝග කල බව කියමිනි. නමුත් එම ප්‍රකාශය සත්‍යයට බොහෝ ඈතින් පවතින්නකි.

එම පුවත්පත් සාකච්ඡාවේදී  මා සඳහන් කළේ රට පුරා සිටින දහස් සංඛ්‍යාත එක්සත් ජාතික පක්ෂ ක්‍රියා කාරීන්ගේ  ප්‍රාර්ථනය මිස අන් යමක් නොවේ. 


මා එහිදී හුදෙක්ම සිදු කලේ හඬක් අහිමි අප පක්ෂයට දිවි හිමියෙන්ම ආදරය කරන එම පාක්ෂිකයන්ගේ හඬ යලි  රාව ප්‍රතිරාව නැංවීම පමණකි. 


 එහිදී මා පැහැදිලිව සඳහන් කලේ එළබෙන ජනාධිපතිවරණයේදී අප නායකයා වෙනුවෙන් සම්පූර්ණ සහාය පල කරන බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා පැවසූ  ඒ වචන ඉදිරි සති කිහිපයේදී  ඔහුගේ ක්‍රියාවන් සමඟ  ප්‍රායෝගිකව සමපාත වියයුතු බව පමණි. 

එබැවින්, ඒ කාරණය පදනම්කර ගනිමින් මා හට අභියෝග එල්ල කරන්නට යෑම පදනම් විරහිත ක්‍රියාවකි.


පක්ෂයේ සමගිය හා විනය රැක ගනිමින් තම  සැබෑ පක්ෂපාතිත්වය හා අව්‍යාජ  කැපවීම  ඔප්පු කිරීමේ සැබෑ අභියෝගයක් සජිත් ප්‍රේමදාස මහතාට දැන් ඇත. එය සෑම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුගේම බලාපොරොත්තුවය. ප්‍රාර්ථනාවය.

අතිශය තීරණාත්මක පලාත් සභා මැතිවරණයක් එහි අවසන් අදියරට  පැමිණ තිබියදී සජිත් ප්‍රේමදාස  මන්ත්‍රිවරයා හා  අතලොස්සක් වූ මාධ්‍ය ආයතන කිහිපයක් මා ඉලක්ක කර ගනිමින් තළු මරමින් සිටින  මීට කිසිදු අදාලත්වයක් නොමැති පෞද්ගලික මඩ ප්‍රහාර වලට පිලිතුරු බැඳීමේ අදහසක් මා හට නොමැත. 


එසේ කරමින් අපගේ පොදු සතුරා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් මට නොමැත.


එක්සත් ජනතා සන්ධාන රජයේ අකාර්යක්ෂමතාව හා නොහැකියාවට එරෙහිව තමන් සතු සියලු ශක්තීන් යෙදවිය යුතු මොහොතක ප්‍රේමදාස මන්ත්‍රිවරයා  මා  ඉලක්ක කර ගනිමින්  මෙසේ ප්‍රහාර එල්ල කිරීම සැබවින්ම කණගාටුවට කරුණකි. 


එක්සත් ජාතික පක්ෂයේ සිටින අප එකිනෙකා සමඟ පැටලෙනවා වෙනුවට සටන් වැදිය යුත්තේ ජනතාව තලා පෙලා පීඩාවට පත්කරමින් සිටින මේ  දුර්දාන්ත රජයට එරෙහිවය.


එවන් සන්දර්භයකදී තනතුරු සඳහා දිගින් දිගටම සටන් කරමින් පක්ෂයේ  ඉදිරි ගමන අඩපන කරමින් දූෂිත පාලනයට  රුකුල්දෙමින්  සිටින සියලු දෙනාටම මා හැඟි ආදර්ශයක් ධෛර්යවන්ත තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙකු මේ විශෙෂ මොහොතේ ලබා දී තිබේ.


 ඒ තම තනතුර පරිත්‍යාග කරමින් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන්  ඌව පලාත් සභා මැතිවරණයට  තරඟ කරමිනි.  සැබවින්ම අප  මේ මොහොතේ සිදුකල යුත්තේ එවැන්නන් තව තවත් දිරි ගැන්වීම මිස ඒ ගමනට සුළු හෝ බාදාවන් නිර්මාණය කිරීම නොවේ.

 

 

Last modified on Monday, 15 September 2014 10:58

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us