තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

Published in පුවත්
Tuesday, 01 October 2024 07:56

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔක්තෝබර් 8 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකරන බවය.

නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි.

ඒ අනුව තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන අද සිට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, සියලුම ග්‍රාම නිලධාරි කාර්යාලවල සහ තෝරාගත් තවත් ස්ථාන කිහිපයකදී ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

තැපැල් ඡන්ද අයදුම්පත් ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් නොමිලේ ලබාගත හැකි අතර කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන්ද බාගත කළ හැකි වේ.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ එම අයදුම්පත් ඔක්තෝබර් 08 දින හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරිවරයා වෙත යොමුකළ යුතු බවය.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us