ඊශ්‍රායලය නිල වශයෙන් ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාර අරඹයි

Published in පුවත්
Tuesday, 01 October 2024 08:12

ඊශ්‍රායලය මීට පැය කිහිපයකට පෙර නිල වශයෙන් ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළේ ය.

ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව රටවල දැඩි විරෝධය මධ්‍යයේයි.

ඊයේ (30) පස්වරුවේ ඊශ්‍රායලය පාබල හමුදාව, ලෙබනනයේ ඇතැම් ප්‍රදේශ ඉල්ලක කරගනිමින් ප්‍රහාර දියත් කර ඇති බවට විවිධ තොරතුරු වාර්තා විය.

දකුණු ලෙබනනයේ ජීවත් වන පුද්ගලයින්ට වහාම එම ප්‍රදේශ වලින් ඉවත්වන්නැයි ඊශ්‍රායලය යලිත් අනතුරු ඇඟවූයේ එවැනි පසුබිමකයි.

ලෙබනනයේ ඇතැම් ප්‍රදේශවලට ඉලක්කගත ප්‍රහාරයක් දියත් කරන බවට ඊශ්‍රායලය අද (01) අළුයම නිල වශයෙන් නිවේදනය කළේ ය.

දේශසීමාව ආසන්න ගම්මාන කිහිපයක අදාල ගොඩබිම් මෙහෙයුම මේ වන විටත් ක්‍රියාත්මක වන අතර ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා ගොඩබිම් භටයින්ට සහාය දක්වන බව විදෙස් වාර්තා වල සදහන්.

කෙසේ නමුත් ඊයේ මේ සම්බන්ධයෙන් පළවූ වාර්තා උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සදහන් කළේ ඕනෑම ආකාරයේ ගොඩබිම් ආක්‍රමණයකට තදබල ලෙස විරුද්ධ වන බවයි.

සැප්තැම්බර් 17 වැනිදා සිට ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් සංවිධානාත්මක ප්‍රහාර දියත් කළ අතර, ඊශ්‍රායලය පසුගියදා, හිස්බුල්ලා නායක හසන් නසරල්ලාද ඝාතනය කළේ ය.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us