සිල් රෙදි බෙදපු අයට ඡන්දෙ දෙන්න එපා !

Published in පුවත්
Friday, 12 September 2014 09:02

election-uwaපසුගිය බිනර පුරපසොලොස්වක පොහෝය දිනයේ ඌව පළාත් මැතිවරණ අපේක්ෂකයින් විශේෂයෙන් මොනරාගල අපේක්ෂකයින් සිය මනාප අංකය සහ ලකුණ ඡායාරූපය සහිතව පන්සල්වල සිල් සමාදම් වූ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම වතුරු බෝතල් බෙදාදීම ආදිය සිදුකළ අතර මේ වනවිට එයට මහා සංඝරත්නයෙන් විරෝධය එල්ලවෙමින් තිබේ.

ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේලා පවසන්නේ ආගම තම මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදාගත් එම අපේක්ෂකයන්ට ඡන්දය ලබාදීමෙන් වලකින  ලෙසයි.


ඌවේ අබෞද්ධයන්ටත් සිල් රෙදි බෙදලා


මේ අතර, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ,  ඌව පළාතේ අබෞද්ධයන්ටත් මනාප අංක ලකුණු කළ සිල් රෙදි බෙදා දී ඇති බවයි.

 සංඝයා වහන්සේට දන් පිරි නැමූ ඇතැමුන් වතුර බෝතලේ පවා මනාප අංකය සටහන් කර තිබූ බව ද ඔහු පැවසිය.

එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාද පවසා සිටියේ පොහෝය දිනයේ දානය පිරිනැමීම සඳහා යොදාගත් බත් පාර්සල්වලද අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණු තිබූ බවයි.  "බත් ඇටේ විතරයි ඡන්ද ලකුණු තිබුනේ නැත්තේ..." යයි ද මැතිවරණ කොමසාරිස්වරයා පැවසිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us