8 හැවිරිදි දැරිය දූෂණය කර මරා දැමු තිදරු පියා රිමාන්ඩ්

Published in පුවත්
Friday, 12 September 2014 08:56

abuse-girlමඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ අට හැවිරිදි දැරියක් අතවර කොට ඝාතනය කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

එම දැරියගේ මළ සිරුර පෙරේදා  සවස සොයාගනු ලැබුවේ මංජතොටුවායි ගම්මානයේ පාලු නිවසකදී ය. දැරියගේ සිරුර පොහොර උරයක බහා ගැටගසා තිබුණි.

එම සිද්ධියට සම්බන්ධ බවට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අම්පාර පදියතලාවේ පදිංචි  තිදරු පියෙකු බව පොලීසිය පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත්,  සැකකරු වෙනුවෙන් අධිකරණයේ නීතිඥවරු කිසිවෙකු ඉදිරි පත් නොවිය යුතු බවටත් බල කෙරෙන විරෝධතාවක් ද ඊයේ දහවල් මඩකලපුව අධිකරණය ඉදිරිපිට පැවති අතර, එම ප්‍රදේශයේ කාන්තාවන් ඇතුළු සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

පෙරේදා  සවස එම ප්‍රදේශයේ වර්ෂාව පැවති අවස්ථාවේ, සිය ඥාතියෙකු සමග අසල කඩයකට පැමිණ සිටි මේ දැරියගෙන්, තමන්ව කුඩය යටින් නිවසට ඇරලවනැයි ඉල්ලා සිටි මෙම තිදරු පියා දැරිය එක්කර ගෙන ගිය බව ඥාතීහු පවසති.

රාත්‍රිය වන තෙක් දැරිය නිවසට නො පැමිණි හෙයින් ඇයගේ ඥාතීන් සහ අසල්වැසියන් දැරිය සෙවීමේ යෙදී තිබේ.

සැකකරුවාගේ සොයුරියගේ නිවස දොරගුළු දමා ඇති බව සොයා ගත් පසු පොලිසිය විසින් දැරිය සොයා ගෙන ඇත්තේ නිවස තුලට කඩා වැදී නිවාස පරීක්ෂා කිරීමේදීය.

අත් පා බැඳ දමා , ඇඳක් යට ගෝනියක දමා තිබුණු දැරිය රෝහලට ගෙන ගොස් ඇත. එම අවස්ථාවේ සිහි නැතිව සිටි දැරිය මිය ගොස් ඇති බව වෛද්‍යවරු ඥාතීන්ට දැනුම් දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us