මාලිමාව රට පුරා වෛරය වපුරමින් බල පොරයක සිටිනවා - ජනපති

Published in පුවත්
Friday, 13 September 2024 10:23

අද මාලිමාව රට පුරා වෛරය වපුරමින් සිටින බවත්, වෛරයේ මුවාවෙන් ඔවුන් බලය ලබාගතහොත් අවසානයේ රටට සිදුවන්නේ කුමක්ද කියා ජනතාව සිතා බැලිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉටුකළ නොහැකි බොරු පොරොන්දු ලබාදෙමින් සිටින මාලිමාව තම සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය රටට කිවයුතු බව පැවසූ ජනාධිපතිවරයා ජනප්‍රිය නොවුණත් තමා සෑමවිටම ජනතාවට සත්‍ය ප්‍රකාශ කරන්නේ රටේත්, ජනතාවගේත් හෙට දවස වෙනුවෙන් බවද කියා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (12) පස්වරුවේ කැස්බෑවේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියා.

එදා අනුර කුමාරට භාරදුන් කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ වගකීම නිසි ලෙස ඉටු කළා නම් අද මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු වී තිබිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ප්‍රතිපත්තියකින් තොරව වෛරය පමණක් වපුරන ඔහුගේ වැඩපිළිවෙළ රට විනාශය කරා ඇද දමන බවද පැවසුවා.

එසේම සියල්ල නොමිලේ ලබාදෙන බව කියන සජිත් අනුර කුමාර සහ තමා අතර ඩීල් එකක් ඇති බව ප්‍රකාශ කරමින් අනුර සහ තමා ඔහුව පරාජය කිරීමට සූදානම් වන බව පවසන බවත්, මේ වන විටත් සජිත් පරාජය පිළිගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

එබැවින් සජිත් ප්‍රේමදාසට සහ නාමල් රාජපක්ෂට දෙන ඡන්දය අනුර කුමාරට දෙන ඡන්දයක් බව ජනතාව අමතක නොකළ යුතු බවද ජනාධිපතිවරයා පැවසුවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us