මම රට උදුරගත්තේ නැහැ - භාරගන්න කවුරුත් හිටියේ නැති රටක් භාරගත්තා විතරයි

Published in පුවත්
Friday, 13 September 2024 10:21

තමා රට උදුරා නොගත් බවත් රට භාර ගැනීමට කවුරුත් නොමැති නිසා රට භාර ගැනීමට සිදුවූ බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පුළුවන් ශ්‍රී ලංකා විජයග්‍රාහී ජන රැලි මාලාවේ කැස්බෑව ජන රැලිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය

"රට අර්බුදයක තිබූ අවස්ථාවේ එය භාරගෙන වෙනස් කිරීමට මට හැකි වුණා. මම ඒක කළේ එක විශ්වාසයක් මත. මම කාගෙන්වත් රට උදුර ගත්තේ නැහැ. ගන්න කවුරුත් හිටියේ නැහැ." 

"දැන් රට ටිකෙන් ටික ගොඩගන්නවා. අපි දැන් ඒක තහවුරු කරන්න ඕනේ. ඒක කරන්න තව අවුරුදු තුන හතරක් යනවා. ඒ සඳහා වරම ඉල්ලන්න තමයි මම ඉදිරිපත් වුණේ."

"ජීවන බර තවත් සැහැල්ලු කරන්න, බදු බර තවත් අඩු කරන්න, රැකියා උත්පාදනය සඳහා අපි සතුව වැඩපිළිවෙළක් තිබෙනවා."

Last modified on Friday, 13 September 2024 10:23

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us