මම සජබට යනවා කියන කතාව බොරු – මහින්ද අමරවීර

Published in පුවත්
Friday, 13 September 2024 10:30

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගි ජන බලවේගයට යන බව පවසමින් The Wire News නැමැති වෙබ් අඩවිය පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව අමාත්‍යවරයා පැවසීය. 

The wire news නැමැති වෙබ් අඩවිය විසින් ඊයේ (12) පළ කර ඇති පුවතක් සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධානය යොමු කර තිබේ. 

අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පවසා සිටියේ මේ වනවිට කොළඹ රැදී සිටින්නේ සදුදා හා අඟහරුවාදා දිනවල පමණක් බවත් ඉතිරි සියලු දිනයන්හි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ගම්මානවලට යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරවීම උදෙසා මහජනතාව දැනුම්වත් කිරීමේ කටයුතු සංවිධාන කටයුතු වල නියෙලෙන බවයි. 

එවැනි අවස්ථාවක ඉහත නම සඳහන් වෙබ් අඩවිය විසින් පළකර තිබෙන පුවත මුළුමනින්ම අසත්‍ය බවත්, කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් පක්ෂයක සාමාජිකත්වය නොගන්නා බවත්, මෙවර ජනාධිපතිවරණයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දී ජයග්‍රහණය කරවීම සඳහා මේ වනවිට සියලු පියවර ගෙන අවසන් බවත් අමාත්‍යවරයා පවසයි.

ඇතැම් මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය පරාජයෙන් වියරු වැටී සිටින ඇතැම් දේශපාලනඥයින්ගේ මුදල් ලබා ගනිමින් තම වෙබ් අඩවිවල පළ කරන මෙවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් සිටියි. 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us