වයඹ පළාත් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන සමයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවී ගුරුවරියක් දණ ගැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනන්ද සරත් කුමාර හට සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ ආණමඩුව ආසන සංවිධායක ධූරය ලබා දී ඇත. මෙම ආසන සංවිධායක ධූරය ලබාදෙමින් සමගි ජන බලවේගය වෙත එතුමන්ව ගෞරවණීය ලෙස පිළිගත් සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය සමගි ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා කැපවන ලෙස ආනන්ද සරත් කුමාර මහතාගෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දැඩිව කලකිරී ඇති අතර යහපත් දේශපාලන සංස්කෘතියක් අගයමින් දිස්ත්‍රික්කය තුළ තමන් ගෙනයන දේශපාලන වැඩපිළිවෙළට ඉඳුරාම පටහැනි අයුරින් සජිත් ප්‍රේමදාස සහ ජලනි ප්‍රේමදාස යුවළ කටයුතු කිරීම කෙරෙහි දැඩි අප්‍රසාදය පළකර ඇත.