‘රනිල්ව කියවන්න’ ප්‍රචාරක වැඩසටහන අද ඇරැඹේ

Published in පුවත්
Saturday, 07 September 2024 13:30

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන ‘රනිල්ව කියවන්න’ නම් වූ ප්‍රචාරක වැඩසටහන අද (07) පෙ.ව. 8.00ට දීප ව්‍යාප්තව ආරම්භ කෙරේ.

පළාත් 9ක්, ආසන 160ක්, පළාත් ආයතන 341ක්, කොට්ඨාස 4984ක්, වසම් 14026ක් සහ ගම් වීදි 53896ක් ආවරණය කරමින් සිදු කෙරෙන මෙම වැඩසටහනේ අපේක්ෂිත අරමුණ වන්නේ රනිල් වික්‍රමසිංහ නම් චරිතය දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් කියවා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරය ඇතුළත් පත්‍රිකා බෙදා හැරීම සහ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මේ යටතේ සංවිධාන කෙරේ.

නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදු නොවන ආර්ථික ස්ථාවරත්වයක් ඇති රටක සුබවාදී හෙටක් වෙනුවෙන් ජනතාවගේ අපේක්ෂා හා බලාපොරොත්තු එක්රැස් කරමින් පැවැත්වෙන මේ වැඩසටහනට ඕනෑම අයෙකුට එක් විය හැකි බව සංවිධායකවරු පවසති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us