දුප්පත්කම නැති කරන හැටි ජනපති රනිල් හෙළි කරයි

Published in පුවත්
Thursday, 05 September 2024 15:59

විපක්ෂ නායකවරයාගේ ඇතැම් ක්‍රියා නිසා අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ නායකවරයාව පසුකර යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.

ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පුළුවන් ශ්‍රී ලංකා ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් මහියංගනයේ දී මේ බව සදහන් කර සිටියේය.

එහි දී ජනාධිපතිවරයා පවසූූූවේ,

2050 වෙද්දි බිලියන නවයක් දක්වා රටේ ජනගහනය වැඩිවෙනවා. එතකොට රටේ බිලියන 2කට ආහාර සපයන්න වෙනවා. ඒ වැඩි වෙන ජනගහනයෙන් කොටසකට අපි ආහාර ලබා දුන්නොත් අපිට හොද අපනයන කෘෂිකර්මයක් ඇති කරගන්න පුලුවන්. එළවලු පළතුරු වවලා රට යවන ක්‍රමවේද සකස් කරනවා. එතකොට කවුද පෝසත් වෙන්නේ. ඔබ වගා කරන්න අපි විකුණන්නම්. ඒ ක්‍රමය ඇති කරන්නයි මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. අද මාලිමාවෙන් සජබෙන් දෙන්නේ මොනවාද කියලා බලන්න. ඒ අය සහනාධාර දෙන්නේ දුප්පත්කම තියාගන්න. නමුත් මම සහනාධාර දෙන්නේ දුප්පත්කම නැති කරලා අපනයන කෘෂිකර්මෙට යවන්න යනුවෙනි. 

මේ සදහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම , චාමර සම්පත් දසනායක මෙන්ම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් මෙම ජන රැළියට එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us