සජිත්ට කිසිදවසක අනුරව පරාජය කරන්න බැහැ. - රනිල් Featured

Published in පුවත්
Thursday, 05 September 2024 11:39

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන මෝඩවැඩ අනුර දිසානායකට සහයක් වන බවයි වික්‍රමසිංහ  සඳහන් කරන්නේ.

ඒ අනුව අද වන විට අනුර දිසානායක සජිත් ප්‍රේමදාසට තර්ජනයක් බවට පත්ව තිබෙන බව ජනාධිපතිවරයා කියාසිටියි.

”සජිත් ප්‍රේමදාසට කිසිදවසක අනුර දිසානායකව පරාජය කරන්න බැහැ. ඇයි? මේ රටේ හැමවෙලාවෙම තරඟය තිබුණේ දෙන්නෙක් අතර. ආණ්ඩුවේ එක්කෙනයි විපක්ෂයේ එක්කෙනයි. ඉස්සරකාලේ අගමැති වෙන්න දැන් ජනාධිපති වෙන්න. අගමැතිවරයා තමන්ගේ පක්ෂය බලාගන්නවා වෙනකාටවත් නෙවෙයි තමන් අපේක්ෂකයා වෙන්න. විපක්ෂ නායකයා බලා ගන්න ඕනේ තමන් හැර වෙනත් කෙනෙක් විපක්ෂ නායකයා නෙවෙයි කියල. මම හිටපු කාලේ මම ඉඩ දුන්නේ නැහැ වෙන කෙනෙක්ට එන්න. මහින්ද රාජපක්ෂ හිටපු කාලේ ඉඩ දුන්නේ නැහැ වෙන කෙනෙක්ට එන්න. ජනතා විමුක්ති පෙරමුණ ඉස්සෙල්ලම ගිහින් මහින්ද රාජපක්ෂට එකතුවෙලා ඇමතිකම් ගන්න සිදුවුණා. ඒකාලේ තමයි ඇවිල්ලා සොරබොර වැව හැදුවේ. මම ඉන්න කාලේ යහපාලන ආණ්ඩුවට එකතු වුණා. සජිත් ප්‍රේමදාසට ඕක කරන්න තිබුණේ. හැමදාම පාර්ලිමේන්තුවේ නැගිටලා ඕපාදුප කතාකරල හැමදාම පැය දෙක තුන නාස්ති කරලා අන්තිමට මොකක්ද සිදුවුණේ. දැන් අනුර දිසානායක ඇවිල්ලා සජිත්ට තර්ජනයක් වෙලා. සමහරු හිතනවා සජිත්ව පහුකරගෙන යන්න පුළුවන් කියල. සජිත්ට බැහැ අනුර දිසානායකව පරද්දන්න. සජිත්ට බෑ. සජිත් බාග වෙලාවට කරන මෝඩකම්වලින් අනුරට දිසානායකට උදව්වක් වෙන්නේ. ඒක මතක තියාගන්න. එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාටම කියනවා මේක ආරම්භ කළේ ඩී.එස්.සේනානායක. තව ඉදිරියට ගෙනිච්චේ ඩඩ්ලි සේනානායක. ජේ.ආර්.ජයවර්ධන.රණසිංහ ප්‍රේමදාස. ඒ උරුමය තමයි මම මෙතනට අරන් ඇවිත් තියෙන්නේ. මේ සැරේ ඒක අරගෙන ඇවිල්ල තියෙන්නේ රට වෙනුවෙන් මේ හැම කෙනාම එක්ක එකට එකතුවෙලා වැඩකරන්න.” යනුවෙන් වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us