මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු "පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" එළිදැක්වීම ලෙස එය නම් කර ඇත.
සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් වේ.
ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙනි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ සන්ධානයේ සභාපතිත්වය දරනු ඇති.
නව සන්ධානයේ ලේකම්වරයා අමාත්‍ය රමේෂ් පතිරණයි.
-P.M