කතරගම දේවාලයේ පඩුරුවලින් නිම වූ අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද

Published in පුවත්
Tuesday, 03 September 2024 15:36

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද (03) සිදුකෙරුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 'හුස්ම' ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මාස 10ක කාලයක් තුළ එහි ඉදිකිරීම් නිම කර ඇත.

මෙම වාට්ටු සංකීර්ණය සඳහා වියදම් වී ඇති මුදල දල වශයෙන් රුපියල් මිලියන 160කි. එසේම තවත් රුපියල් මිලියන 50ක මුදලක් එහි උපකරණ සඳහා වියදම් වී ඇත.

පිළිකා රෝගයෙන් පීඩා විඳින මෙරට ළමා රෝගීන් සඳහා ප්‍රතිලාභ ලැබිය හැකි ලෙස මහල් 4කින් සමන්විත අංග සම්පූර්ණ මෙම වාට්ටු සංකීර්ණයේ නේවාසිකව රෝගී දරුවන් 70කට ප්‍රතිකාර ගැනීමේ හැකියාව තිබේ.

මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා නියෝජනය කරමින් එහි උසස් නිලධාරීන් පිරිසක් එක්වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුනසේකර ඇතුළු පිරිසක් එක්විය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us