රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්.  

Published in පුවත්
Tuesday, 03 September 2024 16:19

රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය සූරා ගැනීම ගැනීම සඳහා මැතිවරණ වේදිකා වල දෙන බොරු පොරොන්දු වෙනුවට ඔවුන්ගේ වැටුප සියයට 24 කින් වැඩි කිරීමට මෙන්ම ජීවන වියදම් දීමනාව රුපියල් 25000 දක්වා වැඩි කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තමා අතීතයේ ද රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දුන් සියලු පොරොන්දු ඉටුකර ඇතැයි කී ජනාධිපතිවරයා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් රාජ්‍ය සේවකයාගේ අනාගතය ද ගොඩනැඟීමට කටයුතු කරන බව කියයි.

උග්‍ර ආර්ථික අර්බුදකාරී වාතාවරණයක් මත දරුණු අයවැය කළමනාකරණ අපහසුතා රැසකට රජය මුහුණ දුන් නමුත් එම දැඩි අසීරු අවස්ථාවන්වල දී පවා කිසිදු කප්පාදුවකින් හෝ ප්‍රමාදයකින් තොරව රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමටත් ජීවන වියදම් දීමනාව රුපියල් දස දහසකින් වැඩි කිරීමටත් ප්‍රමුඛස්ථානය ලබාදී කටයුතු කරන ලද්දේ රාජ්‍ය සේවකයින්ගේ කාර්යභාරය හා වටිනාකම මැනවින් අවබෝධ කරගත් බැවින් යැයිද ජනාධිපතිවරයා සේවකයන් වෙනුවෙන් ඉදිරිපත් කළ පණිවිඩයේ සඳහන් වේ.

රටේ ආර්ථික ස්ථාවරත්වය නිවැරදි ප්‍රතිපත්ති හා එම ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා පලපුරුද්ද කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි ජනපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා කියයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us