ජවිපෙ විසින් චමුදිතට කළ තර්ජන එක්සත් මානව හිමිකම් සංවිධානය හෙළා දකී ! Featured

Published in පුවත්
Thursday, 25 July 2024 11:42

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ආරකෂාව පිළිබඳව තවදුරටත් නිසි අවධානය යොමුවිය යුතු බව එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

එම නිවේදනය මගින් දැනුම්දී ඇත්තේ , රටේ ඕනෑම දේශපාලන නායකයෙක්ගේ ප්‍රකාශ හෝ ක්‍රියාවන් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කිරීමට, සංවාදයෙහි යෙදෙමින් වැඩසටහන් පැවැත්වීමට සහ විශේෂයෙන්ම පුරවැසියන් දැනුවත් කිරීමට මාධ්‍යවේදියෙකු සතු අයිතය යුතුකම් මෙන්ම හැකියාව අපි අගය කරනා අතර, එම අයිතීන් උල්ලංගනය කිරීමට යම් පුද්ගලයෙක් හෝ යම් දේශපාලන නායකයෙක් දරන උත්සාහය අපි පිළිකුළෙන් යුතුව හෙළා දකින්නෙමු යන්නයි.

තවද එමගින් දන්වා ඇත්තේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවාස සංකීර්ණය ආසන්නයේ පසුගියදා යම් නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් සැරිසැරීමේ සිද්ධියත්, මීට වසර 02කට පමණ පෙර චමුදිතගේ නිවසට නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් ප්‍රහාරයක් සිදු කිරීමත් යන කාරනා පිළිබඳව තවමත් නිවැරදි සොයාබැලීමක් සිදු කර නොමැති බවයි.

තවද රටේ පවතින සැඟවුණ වංචා දූෂණ අකටයුතුකම් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට චමුදිත සමරවික්‍රම මහතා කටයුතු කරන ක්‍රියාදාමට එම සංවිධානය විසින් පැසසුමට ලක්කරයි.

ඉතා ආන්දෝලනාත්මක තොරතුරු හෙළිකරන වැඩසටහන් වල නියමුවා වශයෙන් චමුදිත කටයුතු කරන බැවින් ඔහුගේ ජීවිතයට කිසියම් තර්ජනයක් ඇති වීමට තිබෙන ඉඩකඩ අහුරමින්, ඔහුට නිසි ආරක්ෂාව ලබාදීමට වහාම කටයුතු කළයුතු බවත් ඒසඳහා පොලිස්පතිවරයා ඇතුලු වගකිවයුතු නිලධාරීනි ක්‍රියා කරන්නේයැයි තමන් විශ්වාස කරන බව එක්සත් මානව හිමිකම් සංවිධානය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us