මෙගාවොට් 20ක සූර්ය බල ශක්තිය නිපදවීමට වරායෙන් හෙක්ටයාර් 43 ක්

Published in පුවත්
Thursday, 25 July 2024 11:33

2030 වසර වන විට රටෙහි පුනර්ජනනීය බලශක්තිය 70% ක් දක්වා වර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට දායක වෙමින් මෙගාවොට් 20ක සූර්ය බල ශක්තිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා, ශ්‍රිලංකා වරාය අධිකාරියට අයත්  ත්‍රිකුණාමලය, කප්පල්තුරේ ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර් 43 ක ඉඩම්ප්‍රමාණයක් ලබා දීමට පියවර ගෙන ඇත.

තිස් (30) අවුරුදු බදු පදනම මත ලබා දි ඇති මෙම ඉඩම් ප්‍රමාණයෙන් මසකට රුපියල් මිලියන 1.75 ක මුදලක් ආදායම් වශයෙන් ලැබෙන බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය අවධාරණය කරයි. මෙම ව්‍යාපෘතියට අදාල ගිවිසුම ශ්‍රි ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රි ලාංකික​ සමාගමක් වන​ “සීලෙක්ස් රිනිව්වබල්ස්” සමාගමෙහි අනුසමාගමක් වන “සන් ස්කේප්” (Sun Scape) ව්‍යාපෘති සමාගම විසින් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (24) අත්සන් කර තිබෙයි.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු දක්වමින් කියාසිටියේ : ශ්‍රී ලංකාවේ විදුලිබල අර්බුදයට පිලියමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය නිපද විය යුතු බව, වත්මන් රජයේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය මඟින් පිලි අරගෙන ඇති බවයි.

ඒ අනුව 2030 වසර වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය බලශක්තියෙන්, 70% ක් පුනර්ජනනීය බලශක්තිය තුලින් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය. එම ක්‍රියාවලියට මාගේ අමාත්‍යාංශයත්,වරාය අධිකාරියත් සතු, වෙනත් කාර්යයන් සඳහා පරිහරණයට ගත නොහැකි ඉඩම් තෝරාගෙන ආයෝජකයින් හට ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එම වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය වරාය සතු කප්පල්තුර ප්‍රදේශයේ හෙක්ටයාර් 43 ක ඉඩමක් ශ්‍රී ලාංකික සමාගමක් වෙත තිස් අවුරුදු බදු පදනම මත ලබා දි ඇති බවත්, ඒ තුලින් මාසිකව රුපියල් මිලියන 1.75 ක ආදායමක් වරාය අධිකාරිය වෙත ලැබෙන අතර , එමඟින් ජාතික ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් ලබා දීමට හැකිවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සභාපති කීත්.බර්නාඩ්, කලමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් මලවිගේ සහ සීලෙක්ස් රිනිව්වබල්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමීර ගනේගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

- දිනමීන

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us