අර්තාපල් ආනයනය තාවකාලිකව නවත්වයි

Published in පුවත්
Monday, 08 September 2014 10:09

වහාම ක්‍රියාත්මක වන පරිදි අර්තාපල් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසන්නේ මේ වසරේ යල කන්නයේ දේශීය අර්තාපල් අස්‌වැන්න ඉදිරි සතිය වන විට විශාල වශයෙන් වෙළෙඳ පොළට පැමිණෙන නිසා දේශීය පරිභෝජනයට අවශ්‍ය අර්තාපල් තොග දේශීය වශයෙන් සපයා ගත හැකි බැවින් මේ තීරණය ගත් බවයි.

මෙවර යල කන්නයේදී අර්තාපල් මෙටි්‍රක්‌ ටොන් 100,000 ක පමණ අස්‌වැන්නක්‌ බදුල්ල සහ නුවරඑළිය යන දිස්‌ත්‍රික්‌කවලින් අපේක්‍ෂා කෙරෙන අතර එය ගිය වසරේ (2013) යල කන්නයට සාපේක්‍ෂව සියයට 100 ක වැඩිවීමකි. 

 
2014 අයවැය මගින් අර්තාපල් කිලෝ ග්‍රෑමයක්‌ සඳහා රු80 ක සහතික මිලක්‌ නියම කිරීම, සහතික මිලට අර්තාපල් මිලදී ගැනීම සඳහා ලංකා සතොස ආයතනය සමග ඉදිරි වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම, ඉහළ ඵලදාවක්‌ සහිත දේශීය බීජ අර්තාපල් බීජ ප්‍රචලිත කිරීම හා සහනදායි වගා ණය ලබාදීම වැනි රජය ගත් ක්‍රියා මාර්ගවල ප්‍රතිඵලයක්‌ ලෙස මෙසේ අර්තාපල් නිෂ්පාදනය දෙගුණ වී ඇතැයිද මුදල් අමාත්‍යාංශය කියයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us