ක්ලබ් වසන්ත ඝාතනය ගැන අලුත්ම ආරංචිය

Published in පුවත්
Wednesday, 24 July 2024 15:09

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් අනතුරුව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ වෑන් රථයේ රියදුරු හා බස් රථයේ රියදුරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත්තේය.

සැකකරුවන් දෙදෙනා අද (24) කඩුවෙල මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් වෙඩිතබා ඝාතනය කෙරුණේ පසුගිය 8 වනදාය.

එහිදී ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුවුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් එක් සැකකරුවකු වෙඩික්කරුවන් සහ ඔවුන් පැමිණි මෝටර් රථයේ රියදුරුවරයාට පළායාම සඳහා සහාය වූ අයෙකි.

වෙඩික්කරුවන් දෙදෙනා සහ ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරුවරයා කොරතොට ප්‍රදේශයන් වෑන් රථයකට නංවාගෙන වැලිහිඳ ප්‍රදේශය දක්වා ගොස් එහිදී බස් රථයකට නංවාඇත්තේ ඔහු විසින් බවය පොලීසිය පැවසුවේය.  

පසුව වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවා තිබා ඇත්තේද ඔහු විසිනි.

වැලිහිඳ ප්‍රෙද්ශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ සැකකරුවන් බස් රථයෙන්  දික්වැල්ල ප්‍රදේශය දක්වා කැටුව ගොස් බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයේ සඟවා තැබූ රියදුරා අත්අඩංගුවට පත් අනෙක් සැකකරුවාය.

36 හැවිරිදි ඔහු  අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම ඝාතනය මෙහෙය වූ ඩුබායී හී සැඟව සිටින ලොකු පැටී නැමැත්තාගේ ඥාතියෙකි.

ලොකු පැටී නැමැත්තා සැකකරු සමග අදාළ කාල සීමාව තුළදී වට්ස්ඇප් මඟින් සම්බන්ධවී ඇති අතර ඔහුට ඒ සඳහා ලොකු පැටී විසින් රුපියල් 120,000ක මුදලක් ලබාදී ඇතැයිද අනාවරණ වී තිබේ.

එමෙන්ම 26 හැවිරිදි වෑන් රථයේ රියදුරු මීගම ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳෙක්  වන අතර ලොකු පැටී විසින් ඔහුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මේ අතර ලොකු පැටී නම් අපරාධකරු විසින් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වියදම් කර ඇති අතර එවැනි මුදලක් වියදම් කර මෙම ඝාතනය සිදුකිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් පොලීසියට අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.

- අද දෙරණ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us