එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රි ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය යුතු බවද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සරය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයට එක්වෙමිනි.
නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද සඳහන් කළේය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යාලයීය තූර්ය වාදක කණ්ඩායම විසින් මහත් හරසරින් පිළිගත් අතර විද්‍යාලයේ ශිෂ්‍ය භට බලකාය විසින් ජනාධිපති උත්තමාචාරයක්ද පිරිනමන ලදී.
විද්‍යාලයීය රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිවරයා එක් විය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය 106 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන “X-ban” 2024 අධ්‍යාපන විද්‍යා තාක්ෂණ හා වෙළද ප්‍රදර්ශනය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරාය අතිනි.
විදුහල්පති කසුන් ගුණරත්න මහතා විසින් X-ban” 2024 සමරු කලාපය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යයන්ට තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
මා අවසන් වරට මෙම විද්‍යාලයට පැමිණියේ 1992 වසරේදීයි. ඊට පෙර මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස මෙම විද්‍යලයට පැමිණ විද්‍යාලයට අවශ්‍ය ගොඩනැඟිලි ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඉන්පසු 1992 වසරේ දී මෙම විද්‍යාලයට මා පැමිණියේ කර්මාන්ත සහ තාක්ෂණ අමාත්‍යවරයා ලෙසයි. එදා අපි කථා කළේ තාක්ෂණ දියුණුව ඇති කිරීම පිළිබඳවයි.
අද ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ එය සිදුව තිබෙනවා. එය මෙම ප්‍රදර්ශනයෙන් පිළිඹිබු වෙනවා. ගෙවි ගිය වසර 30 තුළ මේ රට සීග්‍ර ලෙස වෙනස් වී තිබෙනවා. නමුත් මීට වසර 04කට පෙර කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථිකය කඩා වැටී ඉතා අසීරු තත්ත්වකට මුහුණ දීමට සිදු වුණා. සියලු ජනතාව ඒ අසීරුතාවට මුහුණ දුන්නා. ඉන්ධන, ඖෂධ, ආහාර ලබා ගැනීමට පෝලිම්වල සිටීමට සිදු වුණා. කිසාගෝතමිය අඹ මිටක් සොයා ගියා වගේම අපට එවන් දුෂ්කරතාවට මුහුණ නොදුන් නිවසක් සොයා ගැනීමට නොහැකි වුණා. කෙසේ හෝ අප මේ වන විට එම දුෂ්කර තත්ත්වයෙන් මිදී තිබෙනවා. බංකොලෝත් භාවය අවසන් වීමත් සමඟ ළඟදීම අපට විදේශ ආධාර මුදල් නැවත හිමි වෙනවා. නමුත් තවත් අසීරුතා තිබෙනවා. ඒ නිසා අප නිසි සැලැස්මක් ඔස්සේ ඉදිරියට යා යුතුයි. ඒ අනුව ක්‍රමානුකූලව ඉදිරි වසර දෙක, තුන තුළ මෙම ආර්ථික බර අඩු කරගෙන ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි වෙනවා. ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට හැකි වෙනවා.
ඒ වගේම පසුගිය වසර 04ක් අප අධ්‍යාපනය සඳහා වියදම් සීමා කර තිබුණා. ඒ නිසා අපට දැන් අධ්‍යපනය වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුව තිබෙන අතර නව තාක්ෂණය සමඟ පාසල් පද්ධතිය ගොඩනැඟිය යුතු වෙනවා. අද අපි මෙම ප්‍රදර්ශනයේදී විද්‍යාලයේ සිසුන් පිරිසක් නිෂ්පාදනය කළ ඩ්‍රෝන යන්ත්‍ර දුටුවා. ඒ වගේම පාසල්වල කෘත්‍රීම බුද්ධි (AI) සමාජය ඇති කරගෙන යනවා. මෙම කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. ඒ වගේම පාසල් සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගත යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙම ගැටලු විසඳීමට කරන උපකාරයක් ලෙස දුෂ්කර පාසල්වලට ආධාර, උපකාර කරන ලෙස මම ඊලොන් මස්ක් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම මාසය අවසන් වන විට එතුමාට ලංකාවේ එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම පාසල් අධ්‍යාපනය නිම කරන තරුණ තරුණියන් පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. අපට වසර 04ක් රැකියා ලබා දීමට නොහැකි වුණා. ඉදිරියේදී මෙම පිරිස තවත් වැඩි වෙනවා. ඒ සඳහා අප විසඳුමක් සොයා දිය යුතුයි. මෙම ප්‍රශ්න වැඩි වුණොත් නැවත රට තුළ විරෝධතා ඇතිවිය හැකියි. එවිට ජාත්‍යන්තරය එය දකිනවා. එසේනම් රැකියා ආදායම් මාර්ග ඇති කිරීමට රට තුළ විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා.
අපි 1977 දී මුහුණ දුන්නේ ද එවන් තත්ත්වයකටයි. අපි ඊට මුහුණ දුන්නා. එදා ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්ත තිබුණේ නැහැ. අපි කටුනායක සහ බියගම වෙළෙඳ කලාප ආරම්භ කළා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අත්තනගල්ල ප්‍රදේශයේ කර්මාන්තශාලා අරම්භ කළා. දැන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම ලබන වසරේ කෑරගල ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ආරම්භ කිරිමට අප සැලසුම් කර තිබෙනවා. තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගෙන ගිය විට විශාල කර්මාන්ත පුරයක් සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටුවීමට ඉඩ ලැබෙනවා. නව රැකියා උත්පාදනය වෙනුවෙන් නව අයෝජන ලබාගත යුතුයි. ඒවා නැවතුනහොත් රැකියා ලබාදීමට හැකියවක් ලැබෙන්නේ නැහැ. එවිට රට තුළ විරෝධතා ඇතිවිය හැකියි.
ඒ වගේම රට තුළ කෘෂිකර්ම දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් කෘෂි නවීකරණ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. එසේම සංචාරක ව්‍යාපාරය ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමටත්, විශාල තාක්ෂණ ආර්ථිකයක් ඇති කිරීමටත් අප කටයුතු කරමින් සිටිනවා. එහිදී නව තාක්ෂණික දැනුම ඇති තරුණ පරපුරක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් නව තාක්ෂණ විශ්වවිද්‍යාල 04ක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා. මෙම සෑම අංශයකම විශාල පෙරළියක් සිදු කර රට තුළ නව ආර්ථිකයක් ගොඩනැඟීමට අප කැපවී සිටිනවා. එම අලුත් ආර්ථිකය නිර්මාණය නොකළහොත් මේ රටේ දරුවන්ට අනාගතයක් නැහැ.
අද අපේ තරුණ තරුණියන් රැකියා සොයා ගෙන ඇමරිකාව, ඩුබායි, සිංගප්පූරුව වැනි රටවලට යනවා. එම රටවල තිබෙන තත්ත්වය අප ලංකාවේ ඇති කරන්නේ නැත්තේ ඇයි කියා ඇසිය යුතුයි. ඉදිරි වසර 10 තුළ අප කැපවිය යුත්තේ මෙම ප්‍රශ්නය විසඳිම සඳහායි. රට දියුණු කර නව රැකියා අවස්ථා ඇති කළ යුතුයි. නැත්නම් මෙම ලබාදෙන අධ්‍යාපනයෙන් ප්‍රතිලාභයක් රටට ලැබෙන්නේ නැහැ. එසේ වු විට අපට හැමදාමත් දුප්පත් රටක් ලෙස සිටීමට සිදු වෙනවා.
ඉදිරි වසර 10 තුළ අප සැලැස්මක් අනුව කටයුතු කළ යුතුයි. එම ආර්ථික පරිවර්තනය වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමට රජය කටයුතු කර තිබෙනවා. අපනයන ආර්ථිකය ශක්තිමත් කර ලෝක වෙළෙඳපොළ ජයග්‍රහණය කළයුතුයි. ථෙරවාද බුදු දහම පවතින ප්‍රධාන රටවල් වන්නේ ලංකාව, බුරුමය සහ තායිලන්තයයි. පැරණි ක්‍රමය තුළ මියන්මාරය සිර වී සිටිනවා. නමුත් නව ක්‍රමය අනුව ඉදිරියට යාම නිසා තායිලන්තය සීග්‍ර දියුණුවක් ලබා තිබෙනවා. එසේනම් ථෙරවාද බුදු දහම ආරක්ෂා කළ අප රට යා යුත්තේ කුමන මාර්ගයේද කියා තීරණය කළයුතුයි. අපත් තායිලන්තයේ වගේ බෞද්ධ පරිසරයක් යටතේ ලෝක වෙළෙඳපොළ ජයග්‍රහණය කළ යුතුයි. අප සියලුදෙනා අනාගතය දෙස බලා වැඩ කරමු. අලුත් ආර්ථිකයක් නිර්මාණය කළ විට රැකියා ප්‍රශ්නයට විසදුම් ලැබී ලංකාවේ රැදි සිටිය හැකි පරිසරයක් ඇති වෙනවා.