මුදවන ලද රබර් ෂීට් ගේන්න අවසර

Published in පුවත්
Wednesday, 24 July 2024 13:53

තාවකාලික ආනයන හා අපනයන යෝජනා ක්‍රමය යටතේ මුදවන ලද රබර් කිරි සහ රබර් ෂීට් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ  නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන ඝන ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලා සඳහා තාක්ෂණික පිරිවිතර  රබර් මෙට්‍රික්ටොන් 60,240ක පමණ වූ වාර්ෂික ඉල්ලුමක් ඇති අතර, රට තුළ පවතින උග්‍ර ඔට්ටපාලු හිඟය හේතුවෙන් දේශීය නිෂ්පාදකයන්ට එම ඉල්ලුම සපුරාලිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රජය පවසයි.

ඒ අනුව රබර් සංවර්ධන දෙපාර්‌තමේන්තුවේ ලියාපදිංචි වූ සහ ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලැබූ ශ්‍රී ලාංකික තාක්ෂණික පිරිවිතර රබර් නිෂ්පාදන ආයතන සඳහා අවශ්‍ය මුදවන ලද රබර් කිරි සහ මුදවන ලද රබර් කිරි වලින් අඹරා සාදන ලද Sheets අපනයන කාර්යයන් සදහා තාවකාලිකව ආනයනය කිරීමේ යෝජනා ක්‍රමය (TIEP) යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම පිණිස කෘෂිකර්‌ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණි.

- ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us