පොදු ජන පෙරමුණේ දෙදරීමක්

Published in පුවත්
Wednesday, 24 July 2024 13:08

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පරස්පර විරෝධි මත දැක්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක් පාර්ශවයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක බවට පත් කළ යුතු යැයි තරයේ ප්‍රකාශ කිරීමත් අනික් පාර්ශවය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටත් අදහස් මතු කිරීම හේතුවෙන් බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට ගම්පහ දිස්ත්‍රික්කයේ එම පක්ෂ නියෝජිතයන් යෝජනාවක් සම්මත කර ගැනීමද මෙම දෙදරා යාම උත්සන්න වීමට බලපා ඇතැයි කියති.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නියෝජිතයෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ප්‍රශ්න කර සිටියහ.

මේ සම්බන්ධයෙන් කොළඹ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම යෝජනාවක් සම්මත කර ගැනීමට ඒ අයට නිදහස ඇති බවයි.

කුමන යෝජනාවක් සම්මත කරගත්තද පක්ෂය ගන්නා තීන්දු සමග ඔවුන් හිටගන්නා බව තමාට විශ්වාස යැයිද ඔහු එහිදී සඳහන් කර ඇත.

 

lankadeepa.lk

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us