ඖෂධ සැපයුම්කරුවන්ට හිඟ කෝටි 400ක් මේ මාසයේ ගෙවනවා - රමේෂ් පතිරණ

Published in පුවත්
Wednesday, 24 July 2024 10:56

ඖෂධ සැපයුම්කරුවන්ට දින 90ට වැඩි ගෙවීම් රුපියල් බිලියන 4ක් (කෝටි 400) පමණ පවතින අතර එය මේ මස තුළ ගෙවා අවසන් කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ්ප තිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය.

ඖෂධ සැපයීම්වලට බාධාවක් නොවන ලෙස හිඟ මුදල් ඔවුන්ට ගෙවීම සිදු කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවීම් සිදු කර නැති නිසා ඖෂධ සැපයීමේදී බාධා ඇතිවේද යන්න සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

අත්‍යවශ්‍ය ඖෂධ 850ක් ප්‍රසම්පාදනය කරන බවත් ඉන් 19ක් හිඟ අතර ඒවා ලබා ගැනීමට දේශීය වශයෙන් මිල දී ගැනීම් සිදු කරන බවත් ඇමැතිවරයා කීය. ඉතිහාසයේ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 180ක මුදලක් මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට වෙන් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us