වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"රුපියල් 6කින් එක පාරටම බිත්තර අඩුවෙලා. මම ඒ ගැනත් පාරිභෝගික අධිකාරියෙන් වාර්තා ගන්නවා. දිගින් දිගටම බලනවා අනිවාර්යයෙන්ම බිත්තරේ රුපියල් 40කටවත් ලබාදෙන්න බැරි නම් ආනයනය කරන්න වෙනවා. මොකද උත්සව සමය ආරම්භ වෙනවා දෙසැම්බර්. කේක් නිෂ්පාදකයෝ බිත්තර විශාල ප්‍රමාණයක් ගන්නවා. මෙයාලට බිත්තර අඩු නම් අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය කරන්න වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයින්ට හරි මිලට බිත්තර දීලා ඔවුන්ව ආරක්ෂා කරන්න ඕනේ."