එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනපති රනිල්ට සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානමින්

Published in පුවත්
Wednesday, 24 July 2024 10:40

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක  පැවසීය.

මෙරට ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් ඒ සඳහා සියලු පාර්ශ්ව එක්ව කැපවිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ දින (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී ආසාර්ථකව තිබූ රට නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඒ අනුව යමින් අප අමාත්‍යාංශය ද එතෙක් පැවති පාඩු ලබන තත්ත්වය වලක්වා ගෙන ලාබ ලබන තත්ත්වයට පැමිණ තිබෙනවා.

දරුණු ආර්ථික අර්බුදවලට මුහුණ දුන් ලෝකයේ වෙනත් රටවල් මෙතරම් කෙටි කලක් තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගෙන නැහැ. මෙම ස්ථාවරත්වය රැක ගනිමින් ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් සියළු පාර්ශ්ව ඒ සඳහා කැපවිය යුතුයි.

ඒ වගේම පසුගිය සමයේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් හඳුන්වා දුන් බදු සංශෝධන සම්බන්ධව ජනතාව තුළ යම් විරෝධයක් තිබුණා. නමුත් එම තීන්දු තීරණවල ප්‍රතිලාභ ජනතාවට ලැබෙන විට එම විරෝධය නැති වනවා. ලෝකයේ වෙනත් රටවල අපේ රටට වඩා බදු ප්‍රතිශතයක් අයකරන බව ද සිහිපත් කළ යුතුයි.

ඉකුත් අර්බුද සමයේ ජනතාව සතුව මුදල් තිබුණත් මිල දී ගැනීම සඳහා භාණ්ඩවල හිඟතාවයක් පැවතුණා. නමුත් මේ වන විට එවැනි තත්ත්වයක් නැහැ. කෙසේ වුවත් මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය අප කාටත් අමතක නැහැ. එබැවින් එළඹෙන ජනාධිපතිවරණයේ දී අපේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙනවා. ඒ වගේම පක්ෂ පාට බේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ජනතාව ද තීන්දු කර තිබෙනවා.

තව ද දේශපාලනඥයන් විවිධ පක්ෂ මත විසුරුණු පමණින් ඡන්ද දායකයින් වෙනස් නොවන බව ද පැවසිය යුතුයි. ඡන්ද දායකයින් එළැඹෙන මැතිවරණයේ දී හැසිරෙන්නේ පුද්ගලයා මත නොව වැඩපිළිවෙළ මත බව ද සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ඊළඟ මැතිරණයේදී බදුල්ල ප්‍රදේශයේ බහුතර ඡන්දය හිමිවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව අප මේ වන විට හඳුනාගෙන තිබෙනවා. අප රටේ ජනතාව කළගුණ දන්නා, හොඳින් හිතාමතා වැඩ කරන පිරිසක් බව ද සිහිපත් කළ යුතුයි.

Last modified on Wednesday, 24 July 2024 10:41

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us